(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ෂම්මි සිල්වා මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස රජය පාර්ශවයෙන් කළ දැනුම් දීමකට අනුව ඔහු ඉල්ලා අස්වන බව දැනගන්නට ඇත.

ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වන එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට නියමිතය.

2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රිකට් ආයතනයේ ඡන්දයෙන් ජයන්ත ධර්මදාස මහතා පරාජය කර ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුලින්ම තේරී පත් වූ ෂම්මි සිල්වා මහතා අනතුරුව අඛණ්ඩවම එම සභාපති ධුරයෙහි කටයුතු කළේය.