(යොහාන් භාසුර)
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 6 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 75
(ශවාල් සුල්ෆිකාර් 16, උදේෂිකා ප්‍රබෝදනී 21/3, කවීෂා දිල්හාරි 15/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 16.3 කදී කඩුලු 4 ට 77
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හරර්ෂිතා මාධවී 23, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 18)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ඉන්දියාවට විකුණලා එයි. අපි අසරණයි...!
අනිවාර්යයෙන් අපේ කෙල්ලෝ දිනනවා...
සුබ පැතුම්...!