IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රීපාලියේ “පර්යේෂණ සම්මන්ත්‍රණය“ අරුන්දතියේදී

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ "වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය" මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 31 දින හොරණ ශ්‍රීපාලි මණ්ඩප අරුන්දති ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.

"පශ්චාත් ගෝලීය යුගයේ කලා හා මාධ්‍යවල පරිවර්තනක්" මැයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික  මහේෂ් කරුණාතිලක මහතා කටයුතු කරන අතර,  ප්‍රධාන දෙසුම ජර්මනියේ හේගන් හි ෆර්න් විශ්ව විද්‍යාලයේ පුස්තකාල අධ්‍යක්ෂ  (The Fern University Library in Hagen)මහාචාර්ය එරික් ස්ටයින්හෝවර්(Prof. Eric W. Steinhauer) මහතා විසින් සිදුකරයි.

නිර්මාණාත්මක කර්මාන්තවල කෘතිම බුද්ධිය සහ නැගී එන වෙනස්කම්, නිර්මාණාත්මක තර්මාන්තයේ නව ප්‍රවණතා සහ අභියෝග, වෙනස්වන ආඛ්‍යාත 21 වැනි සියවසේ කලා සහ මාධ්‍ය, තිරසාර සංවර්ධනය සඳහා කලා සහ මාධ්‍ය, තාක්ෂණ යුගයේ මනුෂ්‍යත්වය, ඩිජිටල් යුගයේ භාෂාව, අභිසාරි මාධ්‍යා නැගී එන ප්‍රවණතා සහ ඉදිරිදර්ශන, යන භාවිතයන් දේශීය සන්දර්භයන් තුළ කලා සහ මාධ්‍ය යනාදී විවිධ උප තේමාවන් යටතේද දේශන පැවැත්වේ.

ඉන්දියාවේ මහාරාජ සයාපිරාවෝ බරෝදා විශ්ව විද්‍යාලයේ (Maharaja Sayajirao University of Baroda)මහාචාර්ය දර්ශන් සතිශ්චන්ද්‍ර පුරෝහිත් මහනා (Prof. Darshan Satischandra Purohit), ඉන්දියාවේ අන්නා විශ්ව විද්‍යාලයේ (Anna University) මහාචාර්ය අරූල්චෙල්නම් ශ්‍රී රාම් (Prof. Arulchelnan Sriram) සහ රුමේනියාවේ බබිස් බොල්යයි විශ්ව විද්‍යාලයේ (Babes-Bolyai University) මහාචාර්ය ඇන්ඩ්‍රියා වර්ගිනාස් (Prof. Andrea Virginas) යන මහත්ම මහත්මිහු විසින් පර්යේෂණ සැසිවලදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ පර්යේෂණ සම්මන්ත්‍රණය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි පර්යේෂකයින් එක්රැස් කරමින් පුළුල් පරාසයක අධ්‍යයන සාකච්ඡා සහ සහයෝගීතා සඳහා වේදිකාවක් සපයනු ඇති බවද විශ්වවිද්‍යාල සංවිධායක මඩුල්ල සඳහන් කරයි. .

පර්යේෂණ සමුලුව අවසානයේදී ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් විසින් විසිතුරු සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද සියලු කටයුතු සංවිධානය කොට තිබේ. මෙම අවස්ථාවට දෙස් විදෙස් පර්යේෂකයින්. මහාචාර්යවරු මෙන්ම විශ්ව විද්‍යාල විද්‍යාර්ථින් රැසක් ද සහභාගී වීමට නියමිතය. 



අදහස් (0)

ශ්‍රීපාලියේ “පර්යේෂණ සම්මන්ත්‍රණය“ අරුන්දතියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site