
(අංජුල මහික වීරරත්න)
නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් ප්‍රකාශන අයිතිය, කාර්මික සැලසුම්, පේටන්ට් අයිතිය, ලකුණු හා ව්‍යාපාර නාම ආදියට අදාලව නීතිමය ප්‍රතිපාදන සලසා ඇති නමුත්, ශාක ප්‍රභේද වල අයිතිවාසිකම් ආරක්ෂාව (අභිජනනය කරන්නන්ට, පර්යේෂකයන්ට හා ගොවීන්ට අදාලව) සඳහා ප්‍රතිපාදන නොපවතී.
එමෙන්ම, බුද්ධිමය දේපළ පනතේ වගන්ති අනුව ශාක සහ සතුන් වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා දිය නොහැක.
එබැවින්, නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම පිණිස 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු නිම කිරීම පිණිස වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව පෙන්වා දී ඇත.
එකී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශාක වල අයිතිය රකින්නත් පනත් කෙටුම්පතක්
ගුණරත්න Tuesday, 08 April 2025 04:52 PM
මරුම බඩු ටිකක් තමයි ශාක ප්‍රභේද සුරකින්න එන්නේ. රත් දෝතළු මල් කපල තට්ටයෙක්ට පූජා කරපු එක ගැන කතාවක් නැහැ. කවුරුහරි ඕක කළා නම් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්න පොලීසියට පුළුවන්. එත් පොලීසියත් බලවත් උන් ඉස්සරහ අන්ධයි