IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

 වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත මඟින් වී සහ සහල් මිල දී ගැනීම, අලෙවි කිරීම, සැපයීම, කෙටීම, පෑහීම සහ සකස් කිරීම ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යාම සඳහා මණ්ඩලයක් පිහිටු වීමට අවශ්‍ය විධිවිධාන සහ ඊට අදාළ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වන අනුෂාංගික කරුණු සඳහා නෛතික විධිවිධාන සලස්වා ඇත. 

එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. 

එම පනතේ සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රම වේදයක් හඳුන්වා දීම සඳහා පනතේ අදාළ විධි විධාන කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනතසංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට

AB Tuesday, 11 February 2025 07:05 PM

වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරන්නේනම් නොමිලයේ පොහොර. කෘෂි රසායන, ඉන්දන,බිත්තර වී සහ වෙනත් සහන නොමිලයේ ලබාදීමට අවශ්‍ය නොවන බවට තහවුරු විය යුතුවේ. කිසිවකු රජයේ සහන ලබගන්නේනම් එම ගොවීන්ගේ වී ( ප්‍රමිතියට සකසන ලද වේලන ලද වී ) රජය නියම කරනාවූ මිල අනුව රජයට ලබාදීමට කටයුතු කලයුතුවේ

:       0       2

Chinthaka Tuesday, 11 February 2025 07:42 PM

1971 සිට හරියාකාරව යමක් කරන්නෙ හැකියාවක් තිබුනද කියල බලන්න ඕන 1971 කැරල්ල ඊළගට උතුරේ යුද්ධය සමග දකුණේ 88-89 අරගලය හා ඉන්පසු වරින්වර ඇතිකල වැඩවර්ජන නිසා මොනවත් කරන්න කාලයක් තිබුනෙ නැහැ

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site