IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


විදෙස් ව්‍යපෘති හිතුමතේ නවත්තන්න නව නීති

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ සහය මත මෙරට  ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.

විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද පැවසීය. 

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුව අද  (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය. නායක දෙපළ අතර සුහද කථා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. 

 



අදහස් (7)

විදෙස් ව්‍යපෘති හිතුමතේ නවත්තන්න නව නීති

SUNIL MILANO Thursday, 25 May 2023 08:14 PM

යල් පැනගිය සියලුම නීතිරීති එදාට ඔබින සේ ප්‍රතිසම්පාදනය කළ යුතුයි...

:       0       21

Nimal Thursday, 25 May 2023 08:17 PM

ඔබතුමා මොනවා කිව්වත් වැඩක් නෑ. මහ බැංකුව කොල්ලකාපු එකමයි මතකයට එන්නේ...

:       20       28

සිල්වා Thursday, 25 May 2023 08:22 PM

පාර්ලිමේන්තුවෙන් නීති පැනෙව්වාට ජනකලා, සිරානිලාට කෙරුවා වගේ කරන්න හැකියි නේද?

:       6       30

swene Thursday, 25 May 2023 10:12 PM

නීති හදන්නෙත්, නීති නවන්නෙත් නීති කඩන්නේත් ඔගොල්ලොමයි. නීති කඩලා, නවල ඊට පස්සේ තවත් නීති ගෙනෙනවා ඉන් ඉදිරියට එහෙම නොවෙන්න කියල. ඒ වුනාට නීති කඩපු එකා ජොලියේ ඉන්නවා. ළඟම හොඳම උදාහරණය තමයි ඕමාන් ආයෝජකයාට තග දැමීම

:       1       6

සසර Friday, 26 May 2023 07:11 AM

රට වෙනුවෙන් ඩොලර් හිගමනේ යෙදෙන ඔබට අපගේ උත්තමාචාරය. ඩොලර් හොරකම් කරපු එවුන් උඩත් නෑ. බිමත් නෑ. එහෙත් නෑ. මෙහෙත් නෑ. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. පාර්ලිමේන්තු වේ ඉන්නවාලු මිනිස්සු කියනවා. උන්ව අල්ලන්න නීති ගේන්න.

:       2       3

Rohana Friday, 26 May 2023 07:23 AM

යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පසුව ආ රාජපක්ෂ ආණ්ඩුවේ අයට කොමිස් නොලැබීම නිසා තනිමතයට මේ ව්‍යාපෘතිය අවලංගුකලා. හැකිනම් දැන්වත් මේගැන ජපාන රජය සමග කතාකර නැවත ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටිනවා.

:       1       4

යෝගා Friday, 26 May 2023 07:25 AM

ඇයි මෙයාලා 2015 බලයට ආවම පෝට් සිටිය, මධ්‍යම අධිවේගී මාර්ගය අවුරුදු දෙකක්ම නවත්තගෙන හිටියා මතක නැද්ද. හරිනම් මේවාටත් ජනතාවගෙන් සමාව ගන්න ඕන

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site