IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙළඳ ලකුණක් අනුකරණය කළැයි රත්නපුරයේ ආයතනයකට නඩු

(රෝෂන් තුෂාර)

ප්‍රසිද්ධ වෙළඳ  ලකුණක් අනුකරණය කළ ව්‍යාජ  ලේබලයක් යටතේ   ජල ජලපොම්ප නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය  සිදුකළේ යැයි කියන රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව බුද්ධිමය  දේපල පනත යටතේ පැවරූ නඩුව සමථයකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් අයි එම් ඉර්සඩින් මහතා නියෝග කළේය .

මැක්  "MAC" වෙළඳ ලකුණට සමාන   ව්‍යාජ ලේබලයක් භාවිතා නොකරන බවට රත්නපුරයේ පිහිටි වගඋත්තරකාර සමාගම   අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් පසුව දෙපාර්ශවය අතර ඇතිකර ගත් එකගතාවය ප්‍රකාරව නඩුව සමථයකට පත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

කොළඹ 11, මෑන්ස් ලංකා පුද්ගලික සමාගම (Mans Lanka (Pvt)Ltd)විසින් රත්නපුර ලංකා ඉන්ෆ්‍රා සොලුෂන්ස් පුද්ගලික සමාගම,(Lanka Infra Solutions Limited),ධන ලක්ෂ්මී ස්ටෝර්ස් හා සමාගමේ අධ්‍යක්ෂකවරුන් වගඋත්තරකරුවන් කරමින් පැවරූ  බුද්ධිමය දේපල නඩුව මෙසේ සමථයකට පත් කෙරිණි.

පැමිණිලිකාර මෑන්ස් ලංකා පුද්ගලික සමාගම සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගම  මගින් මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් සුදත් පෙරේරා නීතිඥ සමාගම   කරුණු දක්වමින් කියා සිටියේ චීනයේ වි. බි. ඩබ්ලිව් ට්‍රේඩින් පුද්ගලික සමාගම මගින් (VBW Trading (Pvt) Limited) මෙම (MAC) "මැක්" ගිල්වියහැකි(submersible pump) ජලපොම්ප ආනයනය කිරීමේ එකම බලලත් ආයතනය පැමිණිලිකාර මෑන්ස් ලංකා පුද්ගලික සමාගම බවය. රත්නපුරයේ පිහිටි වග උත්තරකාර සමාගම පැමිණිලිකාර සමාගමේ "MAC" සලකුණ සහිත ජලයේ ගිල්වන පොම්පයයේ  වෙළඳ ලකුණට සමාන ව්‍යාජ අනුකරන වෙළඳ සලකුණක් භාවිතා කරමින් ජල පොම්ප අලෙවි කර ,අනීතික සහ අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය. 2013 වසරේ සිට MAC වෙළඳ ලකුණ භාවිතා කරන පැමිණිලිකාර සමාගම සමාජයේ ඉදිරියේ විශාල කීර්තියක් උසුලන බවද, පැමිණිලිකාර සමාගමේ මෙම කීර්ති නාමය, ප්‍රසිද්ධිය හා ජනතා විශ්වාසය අවභාවිතා කරමින් ,මැක් වෙළඳ ලකුණට සමාන ව්‍යාජ වෙළඳ සලකුණක් භාවිතා කර රත්නපුර පතල් කර්මාන්තය ආශ්‍රිත පාරිභෝගිකයින්ට ව්‍යාජ වෙළඳ ලකුණ සහිත භාණ්ඩ අලෙවි කරමින් වගඋත්තරකාර සමාගම ලාභ ලබන බවද පැවසීය.

වග උත්තරකාර සමාගම හෝ එහි නියෝජිතයින් විසින් ව්‍යාජ වෙළෙඳ ලකුණු භාවිතා කරමින් ජල පොම්ප  නිෂ්පාදනය , බෙදාහැරීම හා අලෙවිය තහනම් කරන ලෙසද ඉල්ලා සිටියේය.

වග උත්තරකාර සමාගම වෙනුවෙන්  කේ. එච්. පි. ධනුෂිකා පියදර්ශනී නීතිඥවරිය පෙනී සිටියාය. වගඋත්තරකරුවන්  වෙනුවෙන් කියා සිටියේ  පැමිණිලිකාර සමාගමේ "MAC"වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිෂ්පාදනය අලෙවිය හෝ බෙදා හැරීම මින් ඉදිරියට සිදු නොකරන බවය. අදාල වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ අලෙවි කරන්නේ නම් ඊට අදාල අනුමැතිය හා නිත්‍යනුකූල අවසරය   කොළඹ 11, මෑන්ස් ලංකා පුද්ගලික සමාගම මගින්   ලබා ගැනීමට අධිකරණය හමුවේ එකඟත්වය පළකරන බවද සඳහන් කළේය.දෙපාර්ශවයේ එකඟතාවයන් හා සමථ කොන්දේසී සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් "MAC" විළඳ නාමයට සමාන ව්‍යාජ වෙළඳ ලකුණ භාවිතා නොකිරීමට වග උත්තරකරුවන් විසින් අධිකරණය ඉදිරියේ එකඟත්වය පළ කිරීම යන කරුණු සලකා බලා නඩුව සමථයකට පත් කිරීමට නියෝග කළේය.



අදහස් (0)

වෙළඳ ලකුණක් අනුකරණය කළැයි රත්නපුරයේ ආයතනයකට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site