(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මදුරන්කුලිය තොඩුවාව මාර්ගයෙ කඩයමොට්ට ප්‍රදේශයෙ අබලන් වු පාළමක් ඉදිකරන තුරු සකසා තිබු තාවකාලික අතුරු මාර්ගය මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කඩා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි.
මදුරන්කුලිය තොඩුවාව මාර්ගයෙ මැල්ලන්පිටිය ආසන්නයෙ තිබු වසර 100 කට ආසන්න පැරණි පාලම් දෙකක් සදහා අලුත් පාලම් ඉදි කිරීම ආරම්භ කිරීමත් සමඟ මදුරන්කුලිය වෙළද සංගමය හා ප්‍රදේශවාසින් එක්වි ලක්ෂ 20 කට අධික මුදලක් වැය කරමින් මෙම අතුරු මාර්ගය සකසා ගෙන තිබු බව කියයි.
කෙසේ වෙතත් ඊයේ(29 ) රාත්‍රි ඇද හැළුන මහ ගංවතුරත් සමග හැමිල්ටන් ඇල දෙපසින් ගලා ආ දැවැන්ත ජල කදට හසුවු මෙම තාවකාලික පාලම් මාර්ගය කැඩි යාම සිදුව ඇති බව කියයි.
මෙලෙස මෙම මාර්ගය කැඩි යාමත් සමග තොඩුවාව ඇතුළු ගම්මාන 20 කට ආසන්න සංඛ්‍යාවක දහස් ගනනක් ජනතාවක් දෛනිකව මෙම මාර්ගය භාවිතා කිරීම සිදුව තිබුනී.
මෙම අතුරු මාර්ගය කැඩි යාමත් සමග තවත් සැතපුම් 10 කට වැඩි දුරක් ගෙවා මදුරන්කුලිය නගරයට පැමිනිමට සිදවන බව ජනතාව පවසයි. කෙසේ නමුත් මේ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්.එස්.පි .හේරත් මහතාගෙන් කල විමසිමේ දිපවසා සිටියේ මෙම ස්ථානයට ප්‍රාදේශීය සභාව මැදිහත් වි නැවත මෙම මාර්යෙ කැඩි ගිය පාලම සකස් කර දීමට කටයුතු කරනය බවය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වැස්සෙන් මදුරන්කුලියේ පාළමක් කැඩෙයි :ගම් 20ක ජනතාව අමාරුවේ