
(විමුක්ති එස් රුද්‍රිගු)
වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.
ඉන්දියාවේ මුම්බායි නුවර ටාජ් ලෑන්ඩ්ස් එන්ඩ් හෝටලයේ පැවැති 23 වැනි ව්‍යාපාර නායකයන්ගේ සම්මාන උළෙලේදී ඔහුට එම සම්මානය හිමි විය.
ලබා ගත් සම්මානය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනක රත්නකුමාර මහතා 23 වැනි, වසරේ හොඳම ව්‍යාපාර නායකයන්ගේ සම්මාන උළෙලේදී වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරී සම්මානය තමාට ලැබීම සැබවින්ම ගෞරවයක් බව ප්‍රකාශ කළේය.
මෙම ජයග්‍රහණය තමාට විතරක් අයිති එකක් නොවනයි. තමාගේ මේ ජයග්‍රහණය දෙදෙනකුගෙන් ඇදහිය නොහැකි සහයෝගයේ සහ විශ්වාසයේ ප්‍රතිඵලයක් බව කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. වසර 20 කට පෙර තමාගේ ශක්තීන් සහ නායකත්ව හැකියාවන් හඳුනා ගත් විජය පුවත්පත් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාට ප්‍රථමයෙන් කෘතඥතාව පිරිනමනවා. වෘත්තීය ජීවිතය හැඩගස්වා, තමාට මේ මට්ටමට ළඟා වීමට අවස්ථාවද ලබා දුන්නේ කළමණාකාර අධ්‍යක්ෂවරයා බව ඔහු කියා සිටියේය.


2025 නොවැම්බර් මස 04
835
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2478
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සම්මානය විජය පුවත්පතේ ජනකට
saman Wednesday, 19 February 2025 11:31 PM
අවංකත්වය, නිර්මනශිල්ත්වය සහ කැපවීම තුලින් ජයග්‍රහනයට මාවත විවර වේ