IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වැසිකිළිය ඉදිරිපිට බිහිකළ දරුවා සහ මව මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දරුවෙකු  ලැබීමට දින හයක් තිබියදී නිවස තුළ වැසිකිළිය ඉදිරිපිට එම දරුවා බිහි කළ මවක් සහ  දරුවා සැකකටයුතු ලෙස  මියගොස් ඇතැයි  මාළිගාවත්ත පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ කොළඹ 10. මාලිගාවත්ත  පෙදෙස පදිංචිව සිටි කම්සුල් කාමිල් පාතිමා උමාමා  යන  දෙදරු මවයි.

මියගිය කාන්තාව නිවස තුළ වැසිකිළියේ ඉදිරිපිට බිම හරහට වැටී සිටියදී මස්සිනා ලබාදුන් පණිවිඩයක් අනුව නිවසට ගොස් සිදුකළ පරික්ෂාවේදී බිරිඳගේ ශරීරයේ හා බිමවිශාල ලේ ප්‍රමාණයක් තිබීඇති  බව සැමියා ලබා දුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී  මියගිය බිරිඳගේ කුස තුළ සිටි දරුවා  දෙපා අසල සිට ඇති අතර පෙකණි වල නොකපා දරුවාව රෙදි කැබැල්ලකින් ඔතා බිරිඳ සහ දරුවාව ත්‍රිරෝද රථයකින් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් විතර රැගෙන ගොස් තිබූ බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි

එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බවට පවසා ඇතැයි කියයි. මෙම මරණ  සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සදහන් කරයි .

 

 



අදහස් (0)

වැසිකිළිය ඉදිරිපිට බිහිකළ දරුවා සහ මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site