IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිගයක්

 (ජේ.කේ.එල්. චාමින්ද)

 මෙරට  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර  35කට අදාළව  විශේෂඥ වෛද්‍යවරුන්  972 දෙනෙකුගේ හිගයක් පවතින බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව  සැසදිමේ දි  2023 වර්ෂයේ  නොවැම්බර් මස  වනවිට  විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිගය පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ.

අමාත්‍ය මණ්ඩල  අනුමැතියට අනුව  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව  අනුමත  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837කි. එහෙත් විගණනයට ඉදිරිපත් කරණු ලැබු තොරතුරු අනුව  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව  එම සංඛ්‍යාව 2740කි.

 එමෙන්ම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව  අනුමත තනතුරු 66ක් සදහා  කිසිදු වෛද්‍යවරයකු පත්කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොටඇත.

එහෙත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12කට අදාළව  විශේෂඥ  වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා තිබුණි. විශේෂඥ වෛද්‍යවරුන් සේවයේ යෙදවිම සදහා  විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත්  විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුල  විශේෂඥ වෛද්‍යවරු 141ක්  සේවයේ  යොදාවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

 



අදහස් (7)

විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිගයක්

Lalla Tuesday, 14 January 2025 10:54 AM

රථවාහන ආනයනය හිර කිරීම වෘත්තීය වේදීන් රට හැර යාම වැඩි කරනව.රාජ්‍ය පමණක් නොව පෞද්ගලික අංශයත් පලපුරුදු වෘත්තිකයන් රැකගන්න බැරුව දඟලනව. රටේ විනාශයට හේතුව නිකමුන් ප්‍රවර්ධනය..පින්බත් සහනාධාර බලාගෙන ඉන්න කොටස පිනවීම රටේ අනාගතය විනාශයට මූලික හේතුව...

:       0       16

de silva Tuesday, 14 January 2025 11:11 AM

ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ

:       13       13

Suranga Tuesday, 14 January 2025 01:41 PM

සහතිකම ඇත්ත සිල්වා මහත්තයෝ...

:       2       5

ලක්විදුTuesday, 14 January 2025 02:59 PM

සිල්ව මහත්තයෝ, විශේෂඥ වෛද්‍යවරැ හදන්නෙ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයෙන්…!

:       3       5

de silva Tuesday, 14 January 2025 04:49 PM

ලක්වින්දු මහත්මයා විශේෂඥ වෛද්‍යවරු වෙන්න කලින් හැමෝම සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, රටේ ඉන්න දොස්තරලා මදි, ආණ්ඩුවට සල්ලි නැතිනම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම හැර වෙන විකල්ප නැහැ. පුද්ගලික ඩිස්පැන්සරි වල අපිට දොස්තරලා නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ. ඒක නිසා ඔවුන් මුදල් ගෙවලා ඉගෙනගන්න එකේ වරදක් නැහැ...

:       3       10

ලක්විදුWednesday, 15 January 2025 04:00 PM

සිල්වා මහත්තයාට නොතේරුණාට, ඒ දොස්තරලා තමයි විශේෂඥ විභාග කරලා මෙහේ පහසුකම් මදි නිසා රට යන්නේ... ලංකාවේ දැනට තියෙන පුරප්පාඩු අනුව සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් නැහැ.

:       0       2

Nanda Kumara Wednesday, 15 January 2025 10:56 AM

අවශ්‍ය නම් වසර 1ක පුහුණුවකින් පසු විදේශ උපාධිධාරීන් වෛද්‍යවරුන් ලෙස සේවයට යොදවන්න

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site