
(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව සැසදිමේ දි 2023 වර්ෂයේ නොවැම්බර් මස වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිගය පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837කි. එහෙත් විගණනයට ඉදිරිපත් කරණු ලැබු තොරතුරු අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව එම සංඛ්‍යාව 2740කි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් සදහා කිසිදු වෛද්‍යවරයකු පත්කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොටඇත.
එහෙත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා තිබුණි. විශේෂඥ වෛද්‍යවරුන් සේවයේ යෙදවිම සදහා විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුල විශේෂඥ වෛද්‍යවරු 141ක් සේවයේ යොදාවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථවාහන ආනයනය හිර කිරීම වෘත්තීය වේදීන් රට හැර යාම වැඩි කරනව.රාජ්‍ය පමණක් නොව පෞද්ගලික අංශයත් පලපුරුදු වෘත්තිකයන් රැකගන්න බැරුව දඟලනව. රටේ විනාශයට හේතුව නිකමුන් ප්‍රවර්ධනය..පින්බත් සහනාධාර බලාගෙන ඉන්න කොටස පිනවීම රටේ අනාගතය විනාශයට මූලික හේතුව...
ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ
ලක්වින්දු මහත්මයා විශේෂඥ වෛද්‍යවරු වෙන්න කලින් හැමෝම සාමාන්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, රටේ ඉන්න දොස්තරලා මදි, ආණ්ඩුවට සල්ලි නැතිනම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම හැර වෙන විකල්ප නැහැ. පුද්ගලික ඩිස්පැන්සරි වල අපිට දොස්තරලා නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ. ඒක නිසා ඔවුන් මුදල් ගෙවලා ඉගෙනගන්න එකේ වරදක් නැහැ...
අවශ්‍ය නම් වසර 1ක පුහුණුවකින් පසු විදේශ උපාධිධාරීන් වෛද්‍යවරුන් ලෙස සේවයට යොදවන්න