IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘

(ආරියරත්න රණබාහු)

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය

වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් ගොවියාට ඉතා සාධාරණා ලාභයක් ලබාදීමට කටයුතු කරන බවද කීය.

ඒ සමගම හාල්වල මිල ඊට ගැලපෙන ලෙස තීරණය කරන බවත් එමඟින් පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද හෙතෙම කීය.

මේර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහ මෝල්හිමියන්ට මෙන්ම අවස්ථාව කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ටද අවස්ථාව ලැබෙන බව කී නියෝජ්‍ය ඇමතිවරයා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ මෝල්හිමියන්ට අඩු පොලියට ණය දීමේ වැඩසටහනක්ද රජය සකස් කර ඇති බව කිය.

කෙසේ වෙතත් දැනට රටතුළ පවතින සහල් ප්‍රශ්නය ඉදිරි සති තුන ඇතුළතදී විසඳෙන හෙයින් ඉදිරියේදී එය සාකච්ඡාවෙන් බැහැර වන මාතෘකාවක් විය හැකි බවද හෙතෙම විශ්වාසය පළ කළේය.

 



අදහස් (2)

‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘

සිල්වා Tuesday, 07 January 2025 03:48 PM

ඒ කියන්නේ හාල් මිල ඊට සාපේක්ෂව වැඩි වෙනවා.

:       0       9

Kazi Shajahan Wednesday, 08 January 2025 10:33 AM

කයිය විතරයි තාම වැඩ නැහැ, ඒකත් අනාගන්නවා, ඊට පස්සේ එක එක බයිලා කියයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site