IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


වැලිගම ප්‍රා.සභාපති මරුට

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මහේෂ් මලවරආරච්චී)

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයට තුළට අද උදෑසන 10.15 පමණ ඇතුළු වු නාදුනන පුද්ගලයකු එහි සභාපති ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ) මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

සභාපති පුටුවේ සිටියදී හිසට හා ගෙල ප්‍රදේශයට සිදු වු වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ලසන්ත වික්‍රමසේකර මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර මාතර දෙසට පලා යන අයුරු ඒ අසල සවි කර තිබු සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබුණේය.

වැලිගම ප්‍රාදේශිය සභාව මහජන දිනය  පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම අපරාධය සිදු කර තිබුණේය.

සභාපතිවරයා හමු වී ප්‍රශ්න හා ගැටලු විසදා ගැනීමට ජනතාව පෝලිමේ වාඩි වී සිටි අතරතුර සුදු පැහැති කමිසයක්,ආරක්ෂිත හිස් වැසුම් හා කලු පැහැති මුව ආවරණයක් පැලද වෙඩික්කරු පැමිණ තිබෙන බව කියති.

ඒ වන විට කාන්තාවක සභාපතිවරයාගේ නිල කාමරයට ගොස් ලිපියක් අත්සන් කර ගෙන පිටතට එනවාත් සමග වෙඩික්කරු සභාපතිවරයා සමීපයට ගොස් වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීමෙන් පසු සැකකරු ද කෑ ගසා ගෙන පිටතට පැමිණ දුව ගොස් වැලිගම ප්‍රාදේශිය සභාවේ ගේට්ටුව ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියේ නැගී පලා ගොස් තිබේ.

 

 

 

-----------------------------------------

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට සුළු මොහොතකට පෙර නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදුන සභාපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවය කරමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (41)

වැලිගම ප්‍රා.සභාපති මරුට

Mahesh Wednesday, 22 October 2025 11:19 AM

වපුරන විදිහට තමා අස්වැන්න...

:       163       66

AjanthaWednesday, 22 October 2025 03:15 PM

මහේෂ් හරි. මාලිමාව මේ දවස් වල වපුරන්නේ එච්චර හොඳ දේවල් නෙමේ. විපාක වැඩි ඈතක නෙමේ...

:       44       126

අයිස් ඵලWednesday, 22 October 2025 05:48 PM

Ajantha හරි.... දැන් නෙලාගන්නේ පොහොට්ටු, යූඑන්පී/සජබ ඵල...

:       69       23

පිටිගල මිලානෝ Wednesday, 22 October 2025 11:49 AM

කවුද අප්පා මේ අයට ඡන්දෙ දීපු බත්කන හරක්...?

:       189       54

පුවක්දණ්ඩේ විමලේWednesday, 22 October 2025 02:09 PM

කුඩු කාරයන්ට නොමිනේෂන් දුන්නේ උසමිටි කම්කරුවා. මේවා තමයි ප්‍රතිඵල. කියන්නේනම් ආගමට නැඹුරුවෙන්න කියල. කටින් බණ කෝටියයි.

:       0       5

දේශප්‍රිය Wednesday, 22 October 2025 12:39 PM

88,89 වැනි භීෂණ යුගයක ආරම්භය විය හැකියි. මිනීමරුවන් රජ වී ඇත.

:       85       245

ගුණරත්න Wednesday, 22 October 2025 01:29 PM

දැන් ආණ්ඩුවේ පෙන්දන් ටික ඇවිත් මියගිය මනුස්සයාටත් අපහාස කරන්න ගනීවි...

:       67       204

janahithaWednesday, 22 October 2025 02:10 PM

හොරු නැතිව කුරුලු උණ ජනතාව

:       0       1

මල්ලි Wednesday, 22 October 2025 03:39 PM

ගුනේ ,අපහාස කරන්න දෙයක් නැහැ. මැරුණු මනුස්සයාගේ පැටිගිරිය දැක්කාම ඔහු කවුද කියන එක තේරෙනවා..

:       100       42

ලයන් Wednesday, 22 October 2025 01:36 PM

මොහු පාතාලෙට සම්බන්ධ කම් තියෙන කෙනෙක් කියලා පුවත්පත්වල තිබුණා විශේෂයෙන් හරක් කටාට, මෙම මරණය එහි ප්‍රථිඵලයක් විය හැකියි.

:       142       60

Nilanga Wednesday, 22 October 2025 02:00 PM

කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක්. මේකෙන් වෙන්නේ පක්ශ අතර මිනීමරා ගන්න 88,89 වගේ කාලයක් ආපහු මතු වෙන එක. මේක නම් එළිපිටම ආණ්ඩුවෙන් කරපු වැඩක්.

:       60       177

Rathna N Wednesday, 22 October 2025 02:01 PM

හරිම කණගා‍ටුයි. ඔබතුමාට නිවන් සුව ලැබේවා!

:       27       141

Yasantha Wednesday, 22 October 2025 02:02 PM

පළාත් සභා ඡන්දේ දැන්ම නොතියා ඉමු. මොකද මෙහෙම ගියොත් 9 දෙනාටම වෙඩි තියයි. මොකද ඔය එකක් වත් ආණ්ඩුව දිනන්නේ නෑ...

:       47       120

janahitha Wednesday, 22 October 2025 02:11 PM

වැලිගම පාතාල නායකයා පොහොට්ටුවේ

:       0       3

Perera Wednesday, 22 October 2025 02:14 PM

මේ වගේ අපරාධකාරයන්ට නාම යෝජනා දෙන දේශපාලන පක්ෂ තහනම් කිරිමට නිති සම්මත කළ යුතුයි

:       0       1

අරවින්ද මොණරවිල Wednesday, 22 October 2025 02:30 PM

සජබ පොහොට්ටු වල අපේක්ෂකත්වය ලබා ගන්න නම් මිනිහෙක් දෙන්නෙක් මරලා නැත්නම් අඩු ගානේ එකෙක් දෙන්නෙක්ගේ අඩු කඩලා හරි සුදුසුකම් පෙන්වන්න ඕනෑ. එහෙව් අයට රිටරන් එක ලැබෙන කොට කෙදිරි ගාලා වැඩක් නැහැ.

:       119       39

MaheshWednesday, 22 October 2025 03:10 PM

මාලිමාවේ සාමාජිකත්වය ගන්න නම් සීයක් විතර මරලා තියෙන්න ඕනෑ. ලස්සනට පච කෙලින්න පුලුවන් වෙන්න ඕනෑ පණ පිහි‍ටුවලා. ලොකුම පු‍ටුවකට එන්න නම් දාහක් විතර මරලා තියෙන්න ඕනෑ...

:       30       98

ගමේ එකාලා Wednesday, 22 October 2025 02:44 PM

සමහර දූෂන වැඩවලට සම්බන්ධයි කියලා රාවයක් තියෙනවා. පහුගිය කාලවල් පුරාවටම දකුණු පළාත් සිදුවූ දේවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා. මොලේ උඩ ඉන්න වහලුන්ට මොනවා කියන්න බැරිද?

:       85       33

කෝරලගේ Wednesday, 22 October 2025 03:06 PM

මෙය ඔවුන්ගේම කඳවුරෙන් විය යුතුයි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර අපි බොහෝ විට අහලා තියෙනවා, හරක් කටා, ආනමාලු ඉමිටියාස්, තෙල් බාලා, කජ්ජා, දෙහි බාලා වගේ නම්... දැන් ඒ වගේ නම් දේශපාලනඥයින් හරහාත් එනවා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...

:       81       24

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Wednesday, 22 October 2025 03:08 PM

දැන් බලාගෙන යනකොට අරවින්ද මාලිමාවේ අපේක්ෂක කම ගන්නත් එහෙමනේ. අන්තිමට ඔයා වගේ ඩෝබිලාට කියන්න වෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි කියලා තමයි.

:       25       93

අන්දරේ බේරේවලWednesday, 22 October 2025 04:43 PM

තමන් ගැනම විචාරයට ස්තූතියි.

:       53       10

Udugampola Wednesday, 22 October 2025 03:13 PM

දැන් මාලිමාවේ අය මැරුණු එකාට පාතාල ලේබලේ අලවලා ශේප් වෙන්න හදන්නේ. ඈ බං, ඒක නිසාද අච්චර නාට්ටි පෙන්නුවේ වැලිගම? ඊට පස්සේ ආන්ඩුවට හිතවත් එකෙක් යවලා රහස් ඡන්ද තියන්න හැදුවේ. ඡන්දෙ ඉල්ලපු අහිංසකයෙක්ගේ ගෙදරට වෙඩි තිබ්බේ, ඒවා මොනවාටද කරේ එහෙනම්. සති 2 මතක අයට නම් ඕවා හොඳයි...

:       19       96

චානිකා Wednesday, 22 October 2025 03:17 PM

එක දෙයක් පැහැදිලියි. ලොකු පක්ෂ වලින් අයින් වෙලා මාලිමාවට ඡන්දේ දීපු මිනිස්සු විතරයි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ , UNP ,සජබ පොහොට්ටු බයියෝ තවමත් ඡන්දෙ දෙන්නේ පරණ නම ගිය අපරාධ කාරයින්ට, කුඩු මුදලාලිලාට, හොරුන්ට විතරයි..

:       84       29

ගුණරත්න Wednesday, 22 October 2025 06:04 PM

චානිකා නෝනාට සිස්ටම් චේන්ජ් එක පෙනේවි ටික කාලෙකින්. උපන්දා ඉඳන් අනුන්ගෙන් කාපු රාජ්‍ය පාලනය ගැන අල්පමාත්‍ර දැනීමක් නැති බොරුවෙන් ජීවත්වුනු පිරිසකට ඡන්දය දීමේ විපාකය තේරේවි.

:       9       41

Gamini Wednesday, 22 October 2025 03:23 PM

සහෝදරවරුනි, පුනරුදය එළඹුණා...

:       22       72

ගුනේWednesday, 22 October 2025 03:43 PM

ගාමිනි පුනුරුදය එළඹුනේ 2024 සැ 21, සජබ, එජාප, පොහොට්ටුව එක කොටේට නංවලා...

:       67       21

Lapakota Wednesday, 22 October 2025 03:28 PM

ටිකක් කල්පනා කරලා බලන්න. මේකට නාමල්ගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්... නැද්ද හා...?

:       64       13

Kamal Wednesday, 22 October 2025 03:30 PM

හෝදපල්ලා, හෝදපල්ලා... ඩෝබිලාගේ කාලය ඇවිල්ලා.

:       16       74

මාම Wednesday, 22 October 2025 03:34 PM

මැරුණු අය හරක් කටාගේ හිතවතෙක් කියලා එකල පත්තර වල තිබුණා. ඔහු අපරාධවලට රිමාන්ඩ් බන්ධනාගාර ගතවුණු අයෙක්, මෙය පාතාලයට සම්බන්ධ ඝාතනයක් කියලා හිතනවා...

:       59       21

පප්ප Wednesday, 22 October 2025 03:40 PM

නම කියෙව්වාම දැනෙනවා මැරුණු අයගේ සමාජ තත්වය, බොහෝවිට ඔහු පාතාලයට සම්බන්ධ ඇති...

:       47       24

බද්රානි Wednesday, 22 October 2025 04:09 PM

මියගිය පුද්ගලයාගේ පැටිකිරිය ගැන ආයේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ඒ ගැන මෙතැන හොඳට ලියලා තියනවානේ... ඒත්, මෙතැන වැටෙන ලයික් හා ඩිස්ලයික් බලද්දී, නම්, කාගේ කාගේත්, (කැලෑ පත්තර කාරයින්ගේ) පැටිකිරිය ගැන හොඳට පැහැදිලියි. හක්කේ බුදුරැස් පිටුනාට, බොක්කේ දඩ මස් පිරිලා කියලා හොඳට තේරෙනවා... යටිමඩි නැතිවෙලා, බඩ ගෝස්තරයට දැනෙන කොට, "පොහොට්ටුවක" වටිනාකම දැනෙනවා නේද හලෝ...?

:       56       22

බැරිම තැනWednesday, 22 October 2025 05:58 PM

හෝදන්න බැරිම කුණු හෝදන්න බහින කුණුම චරිතය තමයි බද්‍රානි කියන්නේ. එයා තමයි ඩෝබිලාගේ බැරිම තැන. කොහේ හරි මාලිමාව නානවා නම් එනවා රෙද්ද උස්සගෙන. මාලිමාවෙ උන් හැටදාහක් මිනී මරලා ඉන්නේ ගෑණියේ. මේ ඡන්දෙ දින්නෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරලා, ගෙවල් ගිනි තියලා.

:       13       39

රටවැසියෙක් Thursday, 23 October 2025 07:10 AM

මොනවා කරලා හරි මේ රට හදන්න ඕනෑ .නැතුව හොරුන්ට කුඩ්ඩෝ,පතලයෝන්ට රට බාර දීලා බලන් ඉන්නද කියන්නේ .උන්ට බයේ උන්ගෙන් කාපු නැති මිනිස්සුන්ට විතරයි මේක හදන්න පුළුවන් .කොහොම හරි කරලා. අවුරුදු 70ගානක් උන් රජ කෙරුවේ .ඉතිං ලේසි නෑ .මිනිස්සු ඡන්දේ දීලා පත් කෙරුවේ හදන්න .දීපු නැති උන් හොරු ,කුඩ්ඩෝ , පතාලයෝ උන්ට දැන් රිදෙනවා ,අඬනවා වැලපෙනවා ..කව්ද ඕවා ගණන් ගන්නේ .එහෙම නොවුණොත් තමයි පුදුමේ .ඔහොම හොඳයි ඉදිරියටම යමු .රටට ජය ,අපිට ජය .සුබ ගමන් .

:       0       0

UPULWednesday, 22 October 2025 06:24 PM

බද්‍රානි නම් මීට වඩා මොනවා ලියන්නද? අපි යක්කු, දූ පුතුන් වැඩ පටන් අරන් බව පෙනේ...

:       0       0

රංජන් ජඩ ලාල් Wednesday, 22 October 2025 06:24 PM

ලක්‍ෂයක් මරල හරි අපි බලයේ ඉන්නවා.

:       14       60

Nilantha Thursday, 23 October 2025 06:33 AM

පරන පුරුද්ද මතක්වෙලා ලක්ෂයක් මරල හරි බලයේ ඉන්නවා කියල නරකාධිපතියෙක් කියල තිබුනා. වැලිගම ප්‍රාද්ශීය සභාවෙ ආණ්ඩුවෙ පැත්තට 22 යි විපක්ෂව 23 යි .ප්‍රශ්නය එතැනයි .දැන් සභාපති ආයෙත් තෝරල වෙනසක් වුනොත් විපක්ෂයේ අය සභාපති වෙලා සිටින සභාවල සභාපතිලා ආරක්ෂක විධිවිධාන යොදාගෙන කටයුතු කලොත් හොදයි

:       0       0

Thamali Thursday, 23 October 2025 06:31 AM

හරිම දක්ෂ කොල්ලෙක්. මම ඔයාට ආදරෙයි.

:       0       0

Eranga Thursday, 23 October 2025 06:48 AM

විරුද්ධ මත තියන කිසි කෙනෙකුට පැවැත්මක් නැහැ

:       0       0

සංඛ Thursday, 23 October 2025 09:04 AM

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වින්දිතයාගේ සුදුසුකම් නියම විදියටම පාර්ලිමේන්තුවේදි හෙළි කළ අතර, ඔහුට තම පක්ෂය යටතේ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ දීම ගැන සජබ සජිත් ලැජ්ජා විය යුතුයි. සජබයේ හැසිරීම මේ රටේ ජනතාව සජබයෙන් තවදුරටත් ඈත් අතර ඔය ජරාජීර්ණ දේශපාලනයට එකම විසඳුම මාලිමා රජය පමණමයි.

:       0       0

Nishan Thursday, 23 October 2025 10:41 AM

වැලිගම ප්‍රාදේශීය සභාව මාලිමාවට නැති උන දවසේ ඉඳන් ආණ්ඩුව හැදුවේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඒක නැවත ලබා ගන්න. තමුන්ගේම මන්ත්‍රීලා දෙන්නෙක්ව මුහුදු වෙරලට යවලා විපක්ෂයෙන් ඔවුන්ව පැහැරගත්තා කියලා බොරුවක් කරලා බලේ ගන්න හැදුවා බැරි වුණා. ඊට පස්සේ මාලිමා මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදරට තමුන්ම වෙඩි තියාගෙන ඒක විපක්ෂේ පිටින් දාලා බලේ ගන්න හැදුවා ඒකත් බැරි වුනා. ඊට පස්සේ පැරදුණු මාලිමා කණ්ඩායම් නායක සභාවට පැනලා යකා නැටුවා. ඒ සියල්ලම පරාජය කරලා විපක්ෂය බලය ගත්තාම සභාපතිව මැරුවා. මේ විදියට ආණ්ඩුව පරාද උනු අනිත් ප්‍රාදේශිය සභා වලටත් කරන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න විපක්ෂය දැන්වත් ශක්තිමත් බලවේගයක් ලෙස ඉදිරියට ආ යුතුව තියෙනවා වගේම ජාත්‍යන්තර ආයතනත් දැනුවත් කල යුතුව තියෙනවා. නැත්නම් තමුන්ගේ නායකයන්ගේ ජීවිත අනතුරේ තමයි.

:       0       0

Saman Thursday, 23 October 2025 12:41 PM

මාලුපාන් කාරයෝ මෙයා පාතාල මැරයෙක් බව දන්නවා නම් ඇයි මෙච්චර කල් නීති මගින් කටයුතු නොකලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site