
(අංජුල මහික වීරරත්න)
පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය කියයි.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ 11 සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6106 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 24175 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9578ක්ද යතුරු පැදි 7630ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 917 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 25 දෙනකුද වරෙන්තුකරුවන් 375 දෙනකුද අත්අඩංගුවට පත්ව ඇත.
එකී මෙහෙයුම් වලදී නීති විරෝධී ගිනි අවි 3ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව විශේෂයෙන්ම රටේ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ක‍්‍රියා කලාපය මර්දනය කිරීම සදහාත් රිය අනතුරු අවම කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් ඇත.
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරෙන්තුකරුවෝ 375ක් දැලේ