IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වියට්නාමය වගේ නවීකරණයක් ලංකාවටත් කරනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීශ්වර ශලාවේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වියට්නාම, රුසියන්, කියුබා සහ චීන තානාපතිවරුන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.

මෑත කාලීන ප්‍රධාන මැතිවරණ දෙකේ දී ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී රජයක් තෝරා පත් කර ගත් බව කී අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතියේ ආර්ථිකය සහ පාලන ව්‍යුහයන් පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

1986 දී ආරම්භ කරන ලද වියට්නාමයේ ප්‍රතිසංස්කරණ වලට සමාන්තරව ලංකාවද සමාජවාදී-නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින් නවීකරණය සඳහා පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.



අදහස් (0)

වියට්නාමය වගේ නවීකරණයක් ලංකාවටත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site