IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වන අලි රකින්න දැඩි නීති

(නිමල කොඩිතුවක්කු)
වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා කොළඹ දී පැවසීය.
 
වන අලින්ට වෙඩි තැබීම් ඇතුලු ගැටලු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පරිසර අමාත්‍යාංශයේදී අද(15) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
වන අලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා  විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම  පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.



අදහස් (7)

වන අලි රකින්න දැඩි නීති

ජයරත්න Tuesday, 15 July 2025 09:12 PM

ඒ කියන්නෙ මේ රජයටත් අලි මිනිස් ගැටුමට විසඳුමක් නෑ.

:       0       6

යෝගා Tuesday, 15 July 2025 09:48 PM

හොඳ යෝජනාවක්. පරිසර අමාත්‍යාංශයේ ලේකම් තුමා දක්ෂයෙක්. අවශ්‍ය නීති සම්මත කරලා වැඩේ ඔහුට බාරදීලා ඔයා පැත්තකට වෙන්න. නැත්නම් පැලවත්තේ මෝඩයෙක් ඕකට දේශපාලන කයිවාරුවක් ඔබලා වැඩේ අල කරයි.

:       0       9

Elephant lover Tuesday, 15 July 2025 11:40 PM

ඇතියන්තම් , අලි ඇතුන් 500ක් මේ වසරේ මැරෙන්න ආසන්නය. මෙහෙමවත් අමාත්‍ය තුමගේ හිත උණු වුණා නම්... බොරැ පොරොන්දු නොවී, හරියටම කලොත් හොඳයි

:       0       5

Perakum Wednesday, 16 July 2025 02:28 AM

අනවසර ගිනි අවි ළඟ තබාගැනීමට හා භාවිතයට එරෙහිව දැඩි දඬුවම් දීමට නීති සම්පාදනය නොකර මොනවද මේ කියන සුරංගනා කතා. අපි කොච්චර කිව්වත් අහන්නෙ නෑ.කරගන්න බැරිනම් දාල යන එකයි තියෙන්නෙ.

:       0       8

Perera LD Wednesday, 16 July 2025 11:19 AM

වන අලි හා ගොන් අලි 2ම එකට, ලාංකිකයෙක්ව ඉපදුණු හින්දාද එතකොට වන අලි ප්‍රහාරවලින් මැරෙන්න ඕනෑ, 35%ක් වගාවන් නැති කරගෙන හැමදාම ණයකාරයෝ වෙන්න ඕනෑ, රටේ ඉන්න අලි ගණනවත් හරියට දන්නේ නැති ගොං අලි. අනවසර දේවල් රටේ තියෙන්න ඕන නෑ එහෙම දේවල් අනවශ්‍ය නම්. ස්ථිර විසඳුමක් ලැබෙනවා නම් වැඩි වී ඇති අලි, රිලා, මොණර, දඬු ලේන ගහනවලට මොකටද පෞද්ගලිව වැටවල්, හැමතැනම කානු, මිනිහෙක්ගේ හැමදේම කාලා විනාශ කළාම වෙඩි තියෙන්නේ නැතුව මෛත්‍රී කරයිද මිනිස්සු. එක්කෝ අභය භූමි වලට දාලා ඒවා වෙන කරලා ආරක්ෂා කරන්න ඕනෑ... හැමදාම එක එකාට හිතෙන දේවල් කරලා මහජන මුදල් අවභාවිතා කරන කාලකණ්ණි...

:       1       3

Bunny Preena Wednesday, 16 July 2025 11:48 AM

සිද්ද වෙන්නේ මෙහෙම කතා කර කර ඒවාට සම්බන්ධ සංවිධාන වල රිදී ජුබිලි සමරන්න එක විතරයි. පිහිටුවා ගත්තු ස්වේච්ඡා සංවිධාන තියෙනවා නම් ඊවට ලැබෙන මුදල් ආධාර නිසි පිළිවෙළට භාවිතා වෙනවාදැයි කියන එක ප්‍රශ්නයක්... එහෙම නැතිව වන අලින්ට සහ කැලය ආශ්‍රිත ඉන්න ජනතාවට වෙන කිසිම සෙතක් වෙලා නෑ...

:       0       2

ජයරත්න Wednesday, 16 July 2025 01:52 PM

සත්තු මරණෙට පතකරන එක අපරාධයක් තමයි. හැබැයි ඒ පළාත්වල ජනතාව මේ සත්තු නිසා මරණෙට පත්වෙනවා. අතපය කැඩෙනවා. වගා ඇතුළු ඔවුන්ගේ දේපළවලට හානි සිදුවෙනවා. මේ දෙගොල්ලන්ම ජීවත්වීමට මහ හටනක් කරන්නේ. ඒකට තමයි ඒ පළාත්වල අලි මිනිස් ගැටුම කියලා කියන්නේ. ඒකට ජනප්‍රිය තීන්දු නොවෙයි ගතයුත්තේ. විදුලි වැටවල් බලන්න විශාල පිරිසක් වැටුප් ගෙවලා යොදවලා ඉන්නවා. නමුත් අලි ගම් වදිනවා. මේ ප්‍රශ්නයට විද්‍යාත්මක ක්‍රමවේදයක් හොයනවා කියලා නේද කීවේ.? අලුත් දෙයක් නම් නෑ වගේ පරණ කතාමයි..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site