(අංජුල මහික වීරරත්න)
සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් සඳහා වන්දි මුදලක් දීමට තොරතුරු රැස් කිරීම අරඹා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.
විනාශ වූ පොල් ගසක් වෙනුවෙන් කීයක් ලබා දෙනවාද යන කාරණය අදාල දත්ත සියල්ල ලැබුණු පසු තීරණය කරන බව සභාපතිවරයා කීය.
පොල් වගාකරුවන් සඳහා වන්දි මුදලක් සමග පොල් පැල ලබාදීමටද රජයේ අවධානය යොමුවී තිබෙන්නේ යැයි සභාපතිවරයා පැවසීය.
නායයෑම් සහ කුණාටුවෙන් විනාශ වූ ගස් වෙනුවට නව පොල් පැළ සිටුවීමට සැලසුම් කර ඇතැයි ආචාර්ය ජයකොඩි මහතා සඳහන් කළේය.
පොල් වගා බිම් වලට සිදුවූ හානි පිළිබඳව දත්ත සම්පූර්ණ කරගත් සැණින් වන්දි මුදල් දීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැනසුණු පොල් ගස් වලට වන්දි දෙන්න දත්ත හොයයි