
(රංජන් කස්තුරි)
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් සඳහා කොළඹ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද කැඳවනු ලැබීය.
තමා 2022 වසරේදී මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණයකට අදාළව එලෙස කොළඹ කැඳවා ඇති බව ලංකාදීපය කළ විමසුමක දී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.
බදුල්ල ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තිබෙන බවට තමා එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ බවත් ඒ සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය බලධාරීන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
තමා මෙවර කොළඹ පැමිණියේ එම විනය පරීක්ෂණ මණ්ඩලය හමුවේ 21 වැනි වතාවට පෙනී සිටීම සදහා බව ද පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
වසර කීපයක් තිස්සේ අවස්ථා ගණනාවක දී තමා එලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කැඳවා පරීක්‍ෂණ කටයුතු සිදු කරන බව ද වෛද්‍ය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විනය පරීක්ෂණයකටැයි කියා බදුල්ල දොස්තර 21වතාවක් කොළඹට කැඳවලා
Lalla Monday, 08 September 2025 06:49 PM
වැඩ බැරි නිලධාරීන්ගේ පලිගැනීම්...
tissa Monday, 08 September 2025 07:13 PM
කාගේත් කාලය කා දැමීම රජයේ ආයතන වල විනෝදාංශයක්....
Siri Lankapura Tuesday, 09 September 2025 05:16 AM
සහතිකම ඇත්ත දැන් මේ වෛද්‍යතුමා 21 වැනි වතාවට බදුල්ලේ සිට කොළඹට කැදවා තියෙනවා එක් ගමනකට අවම වශයෙන් දින දෙකක් ගත්තොත් (දින දෙකකින් බැහැ) දින 42 ක් කාලය නාස්තියි එය මාස දොලහෙන් එකහමාරක් වෙනවා. මේ වෙනුවෙන් ගමන් වියදම කොතෙක්ද රෝගීන්ට සිදුවූ පාඩුව කොපමණද තේරුම්ගන්න බැරිනම් ඒ ජනතා මුදල් නාස්තිවීම ගැන රාජකාරි ගමනක් ගිය හිටපු ජනාධිපතිතුමා අත් අඩංගුවට ගන්න කටයුතුකල එවුන්ට තේරෙන්නේ නැද්ද රජයේ සේවයේ මේවා අනන්තවත් වෙනවා තවත් එකක් විනය පරීක්ෂණයක් ඉතා ඉක්මනින්ම කළයුතුයි කියලා නියමයන් තියෙද්දීත් අවුරුදු තුනක් තිස්සේ කිරීමත් චක්‍රලේඛ වලට අනුකූලද කියල සොයනවා නම් හොදයි...
ලුම්බිණි Tuesday, 09 September 2025 05:11 AM
අවුරුදු 3ක් තිස්සේ කරන විනය පරීක්ෂණය පුදුම එකක් නේ.
Senarath Tuesday, 09 September 2025 10:03 AM
කවුරුහරි හොදින් වැඩ කරනවා නම්, ඒ මිනිසාට ලෙඩ දමන එකත් ඉහල පුටුවල ඉන්න සමහරුන්ගේ සිරිතක් . ඔවුන්ට තේරෙන්නේ නැහැ මේකෙන් අවසානට පාඩුව වෙන්නේ බදුල්ලේ අහිංසක ලෙඩ්ඩුන්ට කියලා.