IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා

(මලිත් රාජපක්ෂ)

කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරු කිරිමේ ලිපිය රැගෙන අද පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මියට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබුණි.

විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ යැයි කියාගත් කිහිප දෙනකු මෙලෙස දොරටුව වසා ඉබි යතුර දමා තිබූ අතර එයට සහාය දක්වමින් ගුරුවරු පිරිසක්ද විදුහල් භූමියේ රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ තාවකාලික වැඩ බලන විදුහල්පති එස්.කේ.සමරනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරුව කිරීමේ ලිපිය රැගෙන පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැයකට ආසන්න කාලයක් මේ නිසා සිය නිල රථයට වී සිටීමට සිදු වූවාය.

සිද්ධිය සැලවු විගස මාපිය පිරිසක්ද පැමිණ ප්‍රධාන දොරටුවෙන් පිටත රැදි විදුහල්පතිට එරෙහිව "ස්ථාන මාරුවක් ලැබුණේ නම් යන්නයි" හඬ නගන්නට විය.

සිද්ධිය සැලවු වහාම ක්‍රියාත්මක වූ කන්තලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර මහතා මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ප්‍රධාන දොරටුව විවෘත කර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට පිටතට යෑමට ඉඩ සැලසීය.



අදහස් (3)

විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා

Nandana Wednesday, 01 October 2025 07:09 PM

අනුරගේ පලිගැනීම් ....

:       1       2

Lal Wednesday, 01 October 2025 09:49 PM

මේ වගේ හැසිරෙන හරක් ගුරුන් ... විනය හදන්න ළමයින්ට ගහන්නත් ඉල්ලනවා.

:       0       0

Chinthaka Thursday, 02 October 2025 02:21 PM

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තැපැල් සේවක රාජකාරි කරන්න ගිහිල්ලා තමන්ගෙ තනතුරත් අපකීර්තියට පත්කිරීමක් කර තියෙනවා .ඒ වෙනුවෙනුත් විමර්ශනයක් කර විනයානුකූලව දඩුවම් කරන්න පුළුවන්. දැන් ඔය ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යව්වානම් අඩු මුදලකින් කරන්න තිබුනා. අධ්‍යක්ෂවරිය නිළ රථය පාවිච්චියට ගෙන තියෙනවා. රියදුරුට ගමන් වියදම් ගෙවන්න ඕන ඉන්දන ගහන්න ඕන කවුද මේ නාස්තියට වගකියන්නෙ රජයේ මුදල් අවභාවිතා කිරීමක් කියලා පේනවා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site