
(අංජුල මහික වීරරත්න)
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ සාදන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙනත් රටවල නඩු තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සඳහා 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත මඟින් විධිවිධාන සලසා ඇත.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විසින් අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව සාදන ලදුව, අංක 2429/51 දරන 2025-03-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයක් මඟින් එබඳු නඩු තීන්දු පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම අදාළ කරගත යුතු විදේශ රටවල් නිශ්චිත ව දක්වා ඇත. එකී නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තමයි ආණ්ඩුවෙන් දැක්ක හොඳම දේ.. නමුත් මේවා කවදා ඉඳන් ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි.
විවාහ සහ දේපල නඩු නම් කමක් නෑ නමුත් වෙන කිසිම නඩුවක් අදාළ කරනොගත යුතුයි. නැත්නම් වෙන්නේ මොනවත් දන්නේ නැති සුද්දෙක් හරි, කල්ලෙක් හරි මොකෙක් හරි අහලා දෙන නඩු තීන්දු මෙහේ මෙලෝ දෙයක් නොදන්නා අයට බලපාන එක. හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ තමයි. එක අතකට මේක ඕනෑම නෑ කියලත් හිතෙනවා.
මේ කරන්න හදන්නේ ltte ඩයස්පෝරාවේ උවමනා
කසුන් ඔයා හරි...