(ගයාන් සූරියආරච්චි)
ලංකාව තුළ ආයෝජනය කරනු ලබන ව්‍යාපෘතියක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් ගෙවන බව පවසා විදේශීය ආයෝජකයන්ගෙන් රුපියල් ලක්ෂ 56 ක මුදලක් වංචා කළ බව කියන සැකකරුවකු ඇතුළු දෙදනෙක් හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 56 සහ 48 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු සමග සිටි අනෙක් සැකකරු ද හෙරොයින් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අපරාධ පරීක්ෂණ හා මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදෙස් ආයෝජකයන්ගේ මුදල් වංචා කළ දෙකක් මාට්ටු
ගුණරත්න Friday, 04 April 2025 10:30 AM
දැන් කාලේ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න හැම එකාගෙම වගේ මත්ද්‍රව්‍ය තිබිලා අහු වෙනවා, මොකක්ද මේ අමුතු සමාන සිදුවීම්?