IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


විදුලි සංගමය 7ක පෙත්සම් විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බවට සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතරයගේ මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණය සම්මත කිරීමට නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන 7 ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) විභාගයට ගැනිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙතසම් විභාගයට ගැනීණ

ලංකා විදුලි ඉංජිනේරු සංගමය, හරිත සංවිධානය, දේශහිතෛෂී ජාතික පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංගම් 7 විසින් ගොනුකර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

ලංකා විදුලිබල සංශෝධන පළාත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් අදාළ පනත් කෙටුම්පතේ අඩංගු වගන්තින් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මුලික අයිතිවාසිකම්  කඩවන බවත් පවසන පෙත්සම්කරුවෝ මෙම පනත් කෙටුම්පතේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කරන අතර ඒ අනුව ජල විදුලිය සම්බන්ධයෙන් පැහැදිලිව සඳහනක් කර නොමැති බවද පෙන්වා දෙති.

සේවකයින්ිට වන්දි ගෙවා සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පනත් කෙටුම්පතේ පැහැදිලි විධානයක් නොමැති හෙයින් මෙම තත්ත්වය තුළින් සමස්ඨ මහජනතාවත් ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේත් මූලික අයිතිවාසියක් කඩවන බවද පවසන පෙත්සමකරුවෝ එබැවින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් තීන්දුවක් දෙන ලෙසද මෙම පනක් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයගේ සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් කරන්නැයි පෙත්සම්කාර සංවිධානය ඉල්ලා සිටිති.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ උදිත ඉගලහෙවා මහතා කරුණු දක්වමින් විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතේ ලංකා විදුලි බල මණ්ඩලය සමාගමක් බවට පත්වෙන බවට පැහැදිලි සඳහන් ඇති අතර ඒ අනුව එහි සියලු කොටස් භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පාලනය බව පැහැදිලිව සඳහන් කර ඇතැයිද පැවසීය.

එසේම ජල විදුලිය සම්බන්ධයෙන් පැහැදිලි සඳහනක් නොමැති බවත් එම තත්වය යටතේ ජල විදුලිය පාලනය කිරීම පෞද්ගලික අංශයට පැවරීමට යම් ඉඩක් ඇති බවත් එම වගන්තිය තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් කී ජනාධිපති නීතිඥ උදිත ඉගලහෙවා මහතා  විදුලි බල මණ්ඩලයේ සේවකයන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් එය වසරක කාලයක් තුළ සේවකයන්ගේ ගැටලු නිරාකරණය කරන බවත් සඳහන් කර තිබුණත් ඒ පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති බවත් පෙන්වා දෙමමින් මෙවැනි ක්‍රියාවලියක් වසරක කාලයක් තුළ නිම කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

මෙම සමාගම් වල පාලනාධිකාරිය පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන විධායක නිලධාරියා වාණිජ නීතිය පිළිබඳ විශේෂඥයෙකු විය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහෙවා මහතා ඒත් පනත් කෙටුම්පතේ  අධ්‍යක්ෂවරුන්ගේ සුදුසුකම් පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති බවත් පැවසීය.

ඒ අනුව මේ පනත කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් අදාළ පනත කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතරගේ සංඛ්‍යාව සහ ජනමත විචාරණයකින් සම්මත කල යුතු බවට තීන්දු කරන්නැයි ජනාධිපති නීතීඥ උදිත ඉගලහෙවා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සමේ විභාගය වැඩිදුරටත් පැවැත්වේ.

පෙතසම්කාර සංවිධාන වෙනුවෙන් නීතිඥවරුන් වක සේනානි දයාරත්න, ශාන්ත ජයවර්ධන, අශෝක බරන් යන මහත්වරු සමඟ ජනාධිපති නීතිඥ උදිත ඉගලෙහේවා  මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

විදුලි සංගමය 7ක පෙත්සම් විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site