
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කරගන්නා ලදි.
මෙම සංගමය රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල්වල වෛද්‍ය පරිපාලකයන්ගෙන් සමන්විතය. වසර 31 ක් පැරණි මෙම සංගමයේ මේ වනවිට සාමාජිකයන් 450 ක් පමණ සිටී.
සාමාජිකත්වය ලබාදෙනුයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන අයට පමණක් වන අතර එම සංගමයේ සභාපතිවරුන් ලෙස මීට පෙර වෛද්‍ය අනිල් ජයසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ යන මහත්වරුන් කටයුතු කර තිබිණි.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන