IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා

(යොහාන් භාසුර)

විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් හෙවත් ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කර මකා තිබූ බවත් එහිදී යම්කිසි අකටයුතුකමක් වීමෙන් පත්වීම් ලැබූ රැසක් අසාධාරණයට ලක්ව ඇති බවත් එම පත්වීම් ලැබූවෝ රැසක් චෝදනා කරති.

ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් අධ්‍යාපන අමාත්‍යංශයේදී පසුගිය සිකුරාදා (4 වැනිදා) පිරිනැමූ බවත් එහිදී පත්වීම් ලිපිය භාරගත්තේ යැයි අස්සන් කළ පොතේ පත්වීම් රැසක් ‘ටිපෙට්ස්’ කර මකා වෙනස් කර තිබූ බවත් ගුරුවරු සඳහන් කළහ.

මෙහිදී ගුරුවරු, විදුහල්පති සහ ගුරු උපදේශක යන සේවය කටයුතු කළ ගුරුවරු රැසක් දැඩි අසාධාරණයට ලක්ව සිටින බවත් ඇතැම් ගුරුවරුන්ට කිලෝමීටර 150 ක් පමණ ඈත විද්‍යා පීඨවලට පවා පත්වීම්දී ඇති බවත් ඔවුහු පවසති.

එම පත්වීම් කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක මැදිහත්වීමේ වෙනස්කර ඇති බව කියන ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැබුවෝ පත්වීම් ලැයිස්තු ‘ටිපෙට්ස්’ කර පත්වීම් ලිපිය නැවත මුද්‍රණය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බව ද සඳහන් කරති.

මෙම පත්වීම් දීමේදී කොට්ටාව ප්‍රදේශය පදිංචි ගුරුවරියක්ට මින්නේරියේ විද්‍යාපීඨයට පත්වීම් දී ඇති අතර තාක්‍ෂණවේදය විෂය පිළිබඳ ගුරුවරයෙක්ට එම විෂ්‍යයට අදාල විද්‍ය පීඨයට වන කුලියාපිටියට වෙනුවට භික්‍ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබන සාරිපුත්ත විද්‍යා පීඨයට පත්වීම් දී ඇති බව ද ඔවුහු පැවසූහ.

මාතර ගුරුවරියක්ට පොල්ගොල්ලට ද, කටුගස්තොට පදිංචිකරුවෙක්ට කිලෝමීටර 75 ක් දුර දඹදෙණියට ද, ගම්පහ පදිංචිකරුවන්ට පොළොන්නරුට ද, කටුනායක පදිංචිකරුවෙක්ට කිලෝමීටර 140 ක් පමණ දුර ශ්‍රීපාද විද්‍යා පීඨයට ද, පත්වීම් දී ඇති බවත් බොහෝ දෙනෙක්ට ඔවුන්ට අදාල විෂයන් නොමැති විද්‍යා පීඨවලට පත්වීම් දී ඇති බවත් ඔවුහු චෝදනා කරති.

මෙම පත්විම් ලැබූවන් ගුරුවරු, විදුහල්පති සහ ගුරු උපදේශක යන සේවාවල දිගු කාලයක් සේවය කළ දරුපවුල් සිටින පුද්ගලයන් වීම නිසා ඔවුන්ට අලුත්ම පත්වීමක් ලබන තරුණ ගුරුවරයෙක්ට වඩා පෞද්ගලික වගකීම් ඇති අය බව කී එම පත්වීම් ලැබූවෝ ඒ හේතුවෙන් මෙම පත්වීම් බොහෝමක් භාරනොගන්නා තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළහ.

මෙහිදී අසාධාරණයට ලක්වූ ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැබූ බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යංශයට හෙට (7) පෙරවරුවේ පැමිණීමට සූදානමින් සිටිති.

 



අදහස් (1)

විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා

Gamini Wijayarathna Monday, 07 July 2025 05:57 AM

මින්නේරිය අධ්‍යාපන විද්‍යාලය ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site