
(රංජිත් රාජපක්ෂ)
ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතුකම්කරුවන් පදිංචි නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු ජාතික ජන බලවවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ කෙරිණ.
පළමු අදියර යටතේ හැටන් කලාපයේ නෝර්වුඩ් සහ වෙන්චර් යන වතුවල වතු කම්කරුවන් දැනට පදිංචි ඉතා අබලන් තත්වයේ පවතින නිවාසවල වහළවල් අලුත්වැඩියා කර සෙවිලි තහඩු ඇතිරිම සිදු කරන අතර, ඒ සදහා වතු පාලන අධිකරියේද සහයෝගය ලබා ගැනීමට නියමිතය.
වසර ගණනාවක් අලුත්වැඩයා නොකරන ලද තම නිවාස අලුත්වැඩියා කිරිම සම්බන්ධයෙන් වත්මන් රජයට ස්තූතිය පල කරන බව පීඩාවට පත් වී සිටි වතු කම්කරුවෝ පවසති.
පළමු අදියර යටතේ හැටන් සහ නුවරඑලිය කලාපයෙ තෝරාගත් වතු රැසක මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත්, මේ සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වෙන් කර ඇත.


2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
538
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතු නිවාස පිළිසකරයට අරඹයි