IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්

(යොහාන් භාසුර) 

වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 

වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම වෙනුවෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමඟ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දි පැවති විශේෂ සකච්ඡාවේදි අමාත්‍යවරයා එය අනාවරණය කළේය.

කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බවත් ජතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරිමට සැලසුම් කරන බ්වත් අමාත්‍යවරයා කීය.

වගාවට මෙන්ම නිවාස ඉදිකිරිමටත් ඇති ඉඩම් ඉතා අල්පවීම නිසා වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් වශයෙන් මෙම මහල් නිවාස ඉදිකිරිමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා කුඩා දරුවන්ට පෙර පාසලේ සිට ඉගෙනුම් මධ්‍යස්ථාන ද, සමූපකාරයකින් ද ආගමික මධ්‍යස්ථානයකින් යුතු සියලු යටිතල පහසුකම්වලින් සමන්විතව මෙම මහල් නිවාස යෝජනා ක්‍රමය ඉදිකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්තාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ අමාත්‍යශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රිකීර්ති යන මහත්වරු, වැවිලි මානව සංවර්ධන භාරයේ සියලු දිස්ත්‍රික් ප්‍රධානින් ද ඇතුලු පිරිසක් සහභාගී වූහ. 

 



අදහස් (5)

වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්

Sriyal Monday, 27 January 2025 01:26 PM

ඒකනම් හොද වැඩක් ඉඩම් ඉතිරි වෙන

:       0       27

duma Monday, 27 January 2025 02:26 PM

කරුණාකරලා කඳුකර පළාත්වල තවත් ඉදිකිරීම් කරන්න දෙන්න එපා. බැරිද උතුරු නැගෙනහිරින් සුදුසු පළාත් සොයාගෙන මොන ඉදිකිරීම කළත්..., වතු වගාවට තාක්ෂණය එන එක නතර කරන්න බැහැ. මෙයාලාට කරන්න රැකියා නැති වෙනවා. ඉන්න වෙන තැනක, රැකියාව වෙන තැනක, බලන්න පොල් වගාවට ලුණු කර්මාන්තයට මේ ශ්‍රම දායකත්වය ගන්න..

:       5       6

වික්‍රම විදුර Monday, 27 January 2025 02:48 PM

අවුරුදු සියගාණක් තමන්ගේ අයම පාවාදුන්නු තමන්ගේ රටට ද්‍රෝහිවුණු තොන්ඩමන්ලා, දිගම්බරන්ලාට වෙන රස්සා හොයාගන්න වෙයි. ඒවා අපේ සල්ලි. අපේ රටට හම්බ කරලා දුන්නා. අපි ඔක්කොගේම සල්ලි. ස්තූතියි මාලිමාව.

:       3       11

සංජීව Monday, 27 January 2025 04:01 PM

මේ ජනතාවට නිවසක් ඉදිකර දෙන එක ඉතාම හොඳයි. ඒත් මහල් නිවාස ගැලපෙන්නෙ නගර ආශ්‍රිත ප්‍රදේශවලටයි. හරි හමන් මාර්ග පහසුකම් නැති කඳු හා වංගු සහිත පාරවල් ඇති ප්‍රදේශවල මහල් නිවාස ඉදිකර හදිසි ගිණිගැනීමකදී ගිණි නිවන රථයකටවත් ඉක්මනින් ලඟා වෙන්න පුළුවන්ද? නගරවල වගේම ඔවැනි ප්‍රදේශවලට පැය 24 ජල පහසුකම් මලාපවහන විදුලි සෝපාන නඩත්තුව වගේ දේවල් කරන්න පුළුවන් ද? වතුුජනතාවට පදිංචියට පර්චස් 10ක් 20 ක් දෙන්න බැරි තරම් වතුවල ඉඩම් හිඟයක් නැහැ නේද?අනෙක කඳුකරයේ අනාගතයේ වෙන නායයාම් ගැන. හරියටම කියන්න බැරි තත්වයක් තුළ අධික වියදමක් දරා හදන මහල් නිවාස සංකීර්ණයක් ස්වභාවික විපත් නිසා අතහැර දමන්න උනොත් මොකද වෙන්නේ?

:       5       7

Indika Prathapa Tuesday, 28 January 2025 02:04 PM

පර්චස් 10 බිම් කොටස් වල තනි තනි නිවාස සාදා දෙන්න. මේ මිනිසුන්ගේ ජිවන රටාවත් එක්ක මහල් නිවාස ක්‍රම ඔවුනට ගැලපෙන්නේ නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 100 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 681 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 318 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1106 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 497 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2194 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1168 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site