
(යොහාන් භාසුර)
පනත ප්‍රකාරව සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා අද (6) පැවසීය.
සබරගමුව මහ සමන් දේවාලයේ භාරකාරිත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා එසේ පැවසීය.
සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරේ වසර පහක කාලය මීට වසර එකහමාරකට පමණ පෙර එනම් 2023 වසරේ ජූලි මස අවසන් වූ බවත් පනතට අනුව බස්නායක නිළමේතුමාට කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි බවත් ඒ මහතා කීය.
හිටපු බස්නායක නිළමේවරයාගේ ඉල්ලීම සළකා බලා හිටපු ජනාධිපතුමා නිළමේවරයාගේ කාලය වසරකින් පසුගිය වසරේ ජූලි මස දක්වා දීර්ඝ කර තිබූ බවත් ජනාධිපතිවරයාට ඉන් පසුව තවත් වසරකට කාලය දීර්ඝ කළ හැකි වුවද එම කාලය තුළ පැවැති ඡන්ද වාතාවරණයත් සමඟ ජනාධිපතිවරයා කාලය මාස 6 කින් දීර්ඝ කළ බවත් රත්නායක මහතා කීය.
දෙවැනිවර දීර්ඝ කළ මාස හයක කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා නිළමේවරයාගේ කාලය අවසන් වූ බවත් ජනාධිපතිවරයාට ධූර කාලය දෙවරක් වසර දෙකක් පමණක් කාලය දීර්ඝ කළ හැකි බවත් රත්නායක මහතා සඳහන් කළේය.
ඉන් පසුව හිටපු නිළමේතුමා මිගාර ජයසුන්දර මහතා තවත් මාස හයක් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කළ ද පනත ප්‍රකාරව එම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කිරීමේ හැකියාවක් නොතිබුණු බවත් ඒ අනුව බස්නායක නිළමේවරයා තෝරාගැනීමට ඡන්ද පැවැත්වීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.
එහිදී හිටපු නිළමේවරයා වැඩබලන බස්නායක නිළමේ තනතුර ඔහුට දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අතරතුර වැඩබලන බස්නායක නිළමේ තනතුරට පිටතින් ද ඉල්ලීමක් තිබූ බවත් රත්නායක මහතා පැවසීය.
පිටතින් යොමු වූ ඉල්ලීම පිළිබඳව ද සොයා බැලීමේදී ගැටලුවකත් නොතිබුණු නිසාත් එතුමාට අවුරුදු 70 ඉක්මවා තිබීමෙන් නැවත ඉල්ලීමක් කළ නොහැකි නිසාත් එතුමා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස පත්කළ බවත් රත්නායක මහතා කීය.
වැඩබලන බස්නායක නිළමේවරයා පසුගිය 1 වැනිදා පත්කර, බස්නායක නිළමේවරයා පත්කරගැනීමේ රැස්වීම පෙබරවාරි මස 11 වැනිදා පැවැත්වෙන්නේ යැයි මෙම 3 වැනිදා පුවත්පතේ පළකර ප්‍රසිද්ධ කළ බවත් ඉන්පසුව පැතිර ගිය කථාවල පදනමක් නොමැති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතේ නැහැ නේද අවුරුදු 70 පැන්න කෙනෙක්ට පුළුවන් කියලා. එතනම වැරද්දක් නේද කරලා තියෙන්නේ
කුල කතාව ගෙන කියලා නෑ නෙ... හැම දෙයක්ම බලය ලැබුණා කියල වෙනස් කරන්න ගියොත් මිනිසුන්ට ආණ්ඩුව ඉක්මනින්ම එපා වෙයි
අන්තිමට කවුද බස්නායක නිලමේ?
මේවා හොඳ ඉල්ලම් කිසිවෙක් ලේසියෙන් අතහරින්න කැමති නැ එකයි මුලික ප්‍රශ්නය එමෙන්ම මේ තෝරා පත්කිරිම් වලදී ඡන්දය ප්‍රකාශ කරන්නත් ඡන්දය සඳහා ඇති විශාල මුදල් ප්‍රදාන ලැබෙනවා..මේ දවස්වල දෙයියන්ට ආවතේව කරන්නේ කවුද දන්නේ නෑ
බස්නායක නිලමේ හිටියත් නැතත් දෙයියෝ කෝප වෙන්නේ නෑ. ඔන්න ඔහේ ඔය තනතුරත් අයින් කරා නම් රටට රුපියල් කීයක් හරි ඉතුරු වෙනවා. අනික Z පරම්පරාවේ දරුවන් ඕවා විශ්වාස කරන්නේ නෑ.
ඔන්න අවුරුදු පනහකට හැටකට පමණ පෙර දුෂ්කර ගමක දරුවෙක් කොළඹ ප්‍රදේශයේ පංසලක මහණ වුණා. ඉතින් මේ සාමනේරයන් වහන්සේ හා අනෙක් සාමනේර වහන්සේ කෙනෙකුත් වෙනුවෙන් ගුරු හාමුදුරුවෝ ලොකු මුදලක් ඇති බැංකු ගිණුම් ආරම්භ කර තිබුණා. එහෙම කරල තිබුණු ඒ අයගේ අනාගතේ සාර්තකත්වයක් සඳහා තමයි අන්තිමේ ගුරු හාමුදුරුවන් අපවත් වුණා.. සාමනේරයන් උපැවිදි වුණා. ඔය අතරේ පංසලේ දායක පිරිසේ කෙනෙකුත් එකතුවෙලා කොමසාරිස් හා එක්තරා බැංකුවක් සමග කුමන්ත්‍රණය කර මුදල් බෙදාගත්තා කියලා... දැන් වයෝවෘද්ධව ආර්ථික අහේනියෙන් සිටින එම හිටපු සාමනේරයන් කෙනෙකුට කියනවා ඇහුණා.