
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේ ඉහළ පෙළ අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකිකයන් විශ්වාසයක් තිබෙන බව සහතික කිරීම සඳහා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ කාර්යක්ෂම ඒවා බවට පත් කිරීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට සත්‍ය සහ සංහිඳියා රාමුව පිළිබඳ ක්‍රියාවලිය හැකි සෑම පාර්ශවයක් සමගම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd