
(විමුක්ති එස් රුද්‍රිගු)
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ
"ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට,දිළිඳු ජනතාවට,අවදානමට ලක් වූ පවුල්වලට,ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය දීමට සැලසුම් කර ඇතැයි පල වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ."
COMMENTS
ජාත්‍යන්තර සම්බන්ධතා ඇති අගමැති දැන් මොනවද කරන්නේ?
කෝ අපේ ජාත්‍යන්තරය පිළිගත් සහ ජාත්‍යන්තරය දිනාගත්තු රනිල්? ඔහු අද ජීවතුන් අතර හිටියා නම්, අපිට වටිනවා...
ප්‍රතිපත්ති හදන්න තියෙන පාර්ලිමේන්තුවේ කවද්ද හරවත් කථාවක් ඇහුණේ?
ලෝක බැංකුවත් එක්ක තියෙන ප්ලග් එක ගැලවිය යුතුයි.
ලෝක බැංකු නිගමනය අපට අහිතකර හා අර්බුදජනක වුවත් ජාත්‍යන්තර මූල්‍යායතනයක් වශයෙන් ගත් ස්ථාවරය නිවැරදියි. රනිල් හෝ කවුරු අගමැති වුවත් ලෝක බැංකුව අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තියමයි. දැන්වත් අපේ බලධාරීන් තත්ත්වය තේරුම් ගෙන නිවැරැදි ප්‍රතිපත්තිමය මාර්ගයකට වහවහා එළඹිය යුතුයි...
ඉතින් රනිලුත් 2020 ඉඳන් කියන්නේ මේ කතාවනේ...
පාර්ලිමේන්තුවේ ඇමැති මණ්ඩල ඔලුගෙඩි ටික එහාට මෙහාට මාරුකරලා, රනිල් අගමැති කරලා ලෝක බැංකුව මුලා කරන්න බැහැ. නන්දෙට කිසිම සැලසුමක් නැහැ. ලෝක බැංකුවට අවශ්‍ය අනාගතේ අපි ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව නිසි සැලසුමක් සහ ස්ථාවර ආණ්ඩුවක්...!
රනිල් වික්‍රමසිංහ ඉන්නේ රාජපක්ෂලත් එක්ක. රාජපක්ෂලා මුළු ලෝකයෙන්ම කොන් වෙලා ඉන්නේ. ඉතින් අපිට සහනයක් ලැබෙයිද?
මේ තරම් දීන වුණේ අපේ වැරැද්දෙන්.. අපි ඒක හදාගනිමු.. නැත්නම් අපිට සිද්ද වෙන්නේ කාගෙ කාගේත් අතකොලු බවට පත්වීමයි.