
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන්ට රුපියල් බිලියන 8.5 ක් හෙවත් රුපියල් කෝටි 850 ක මුදලක් වන්දි ලෙස ගෙවන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.
එම වන්දි ප්රදානය කිරීමේ නිල උත්සවය දෙහිවල පිහිටි ඊඩීඑල් ශ්‍රවණාගාරයේදී හෙට (15) පෙරවරු 10.00 සිට පැවැත්වේ.
”අභිමානවත් සේවයක - සුරක්ෂිත නිමාව” තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේදී සේවක සේවිකාවන් 1,898 කට මූල්‍ය වන්දි ප්‍රමාණයක් ප්රදානය කිරීමට නියමිතය. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකාපු තක්කඩින්ගේ වසර 76ක ”අභිමානවත් සේවයක - සුරක්ෂිත නිමාව” සනිටුහන් කලේ පලවා හැරලා, ගෙදර බිත්තියටම හේත්තු කරලා, දොර මුල්ලටම ගාල් කරලා.
ඔය ගිය කට්ටිය ආපසු සේවයට ගන්නවාද?