
( මහින්ද නිශ්ශංක )
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගයේ පළමු කොටස වශයෙන් මෙට්‍රික් ටොන් 2800 ක් ලබන 23 දා දිවයිනට ළගා වීමට නියමිත බව ජාතික ලුණු සමාගම පවසයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ඇණවුම් කළ බවත් ඉන් මෙට්‍රික් ටොන් 2800 ක් පළමු කොටස වශයෙන් මෙරටට ලැබෙන බවත් ජාතික ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී තුවාන් මන්සිල් මහතා පැවසීය.
ආහාර සදහා ගෙන්වන අයිඩිකරණය නොකළ එම ලුණු තොගය මෙරටට ලැබුණු පසු අයිඩිකරණය කිරීමෙන් අනතුරුව එම ලුණු ලබන 27,28 යන දිනවල වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍යාධිකාරී තුවාන් මන්සිල් මහතා සඳහන් කළේය.
ජාතික ලුණු සමාගමට අමතරව ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද ධීවර අමාත්‍යාංශය ලුණු මෙට්‍රික් ටොන් 10000 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ කිව්වේ නම් මුළු ලෝකෙටම ලුණු දෙන්න පුළුවන් කියලා.. කයියෝ...
නැගිටපල්ලා, නැගිටපල්ලා ලුණු නැවක් කොළඹට ඇවිල්ලා...
වේදිකාවල, යූ ටියුබ්වල ප්‍රකාශ කළ පරිදි 3 වේල ලුණු කන අයට සුබ ආරංචියක්...
මොන ජරාවල් කලවම් වෙච්චි ලුණුද දන්නේ නෑ ඉන්දියාවෙන් උස්සන් එන්නේ?