IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ)
පාර්ලිමේන්තුවේදී පැවසීය.

"නොවැම්බර් 14 වැනිදා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.ඇමරිකා තානාපතිනී ජුලී චෑං එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඊයේ  සභාගත කර තිබෙන බවයි.නමුත් එවැනි ගිවිසුමක් ඊයේ සභාගත කළේ නැහැ.අද සභාගත කළෙත් නෑ.මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා යැයි ආණ්ඩුව ජුලී චෑංට කිව්වාද කියා මා දන්නේ නැහැ.ඇමරිකා තානාපතිතුමියට එකක් කියනවා. අපිට එකක් කියනවා.ඒ නිසා මේක සභාගත කරන්නැයි අප ආණ්ඩුවට කියනවා.

ඒ වගේම ජනාධිපති ඊයේ කතාවේදී නොකියූ කරුණු කීපයක් තියෙනවා.රවී සහ ශානිට අපි බයවෙලා යැයි ජනාධිපති කිව්වා.ඔවුන්ට බයවෙලා තියෙන්නේ 2025 ආණ්ඩුව බලයට ගෙනාපු අයම තමයි.නැතුව අපට බයවෙන්න කාරණයක් නෑ.ගෝඨාභය රාජපක්ෂ රවීගෙන්, ශානිගෙන් පලි ගන්න කොට ඊට එරෙහිව හඬ නැගුවේ සජබ මන්ත්‍රීවරු.අනික රවී ශානිලා දැන් ඉන්නෙ කලකිරීමෙන් .ඔවුන් වැරදිකාරයෝ ලෙස නම් කළ මහින්ද දිසානායක ට ඩී.අයි.ජී කම දුන්නා.ජනාධිපතිතුමා දැන් ඒක අපේ පැත්තට හරවන්න බලනවා" යනුවෙන්ද රහුමාන්  මහතා කීය.



අදහස් (3)

ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න

මාලිමාගත්තා Wednesday, 19 November 2025 05:40 PM

ඒකාධිපති උමතුව විනාශයේ ආරම්භයයි.

:       3       20

Ahmed (Gulf) Thursday, 20 November 2025 02:34 AM

මුජිබර් රහුමාන්, තෙල් සල්ලි වලින් ශ්‍රී ලංකාවේ ජිහාඩ් සහ ISIS ප්‍රවර්ධනය කරයි.

:       1       0

chandima Thursday, 20 November 2025 08:41 AM

මොකක්ද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දුන්නාම කට්ටිය ඇමෙරිකාවට ගිහින් ට්‍රම්ප්ට කියලා ගිවිසුම අහෝසි කරලා තිබුණොත් අඩුකරගෙන එන්නද කල්පනාව එහෙම නැතිනම් ඇමෙරිකාවෙන් උදව් අරන් ලංකාවේ සහරාන්ලා බෝකරන එක නවත්වයි කියලා බය වුණාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 237 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site