
(සුජිත් හේවාජුලිගේ )
සංචාරකයින් ගමනාන්ත පමණක් නොව අත්දැකීම් ද සොයා යන ලෝකයක සුවිශේෂී ආහාර කලාවක් හිමි රටක් ලෙස තව තවත් ආකර්ෂණීය වීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ලංකා සූපවේදීන්ගේ සංසදය මඟින් සංවිධානය කරන ලද, දකුණු ආසියාවේ ප්‍රමුඛතම සූපශාස්ත්‍ර හා ආගන්තුක සත්කාරක ඉසව්වක් වන Culinary Art Food Expo - 2025 හි ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ආහාර යනු කිසි විටෙකත් පෝෂණ කාරකයක් පමණක් නොවන බවත්, එය රටක සංස්කෘතිය, සුන්දර මතකයන්, දේශීය අනන්‍යතාවය සහ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ද වන බවත්, ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් පමණක් නොව, රසවත් බව සහ නිර්මාණශීලීත්වය ද උපරිමයෙන් ඇති ස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට සූපවේදය විශාල වශයෙන් උපකාරී වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
එමෙන්ම CAFE ( Culinary Art Food Expo ) යනු මෙරට වෘත්තීය සූපවේදීන්ට ආධුනිකයින්ට කර්මාන්තයේ විශේෂඥයින්ට තරග වැදීමට පමණක් නොව, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට, අදහස් බෙදාහදා ගැනීමට සහ විදෙස් රටවල සූපවේදීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ද ප්‍රධාන අවකාශයක් බවට පත්ව ඇති බැවින්, එය ප්‍රදර්ශනයකට එහා ගිය කුසලතා, උරුමය, සහයෝගීතාවය සහ ආහාර මගින් ආභාෂය ලබා දෙන අසීමිත නිර්මාණශීලී සැමරුමක් බවට පත්ව ඇතැයිද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, කලාවක් නම් එහි පිකාසෝ ඔබයි !
රජයේ අය තාම පගා ගහනවා, ඔවුන්ගේ දූෂිත වැඩ තාම කරගෙන යනවා... ඒවා සුද්ද කරන්න ඉස්සෙල්ලා...
සාලයො කිලෝව 800ට ගත්තේ මැඩම්. අඩු කරගන්න විදියක් නැතිද?
අනේ නෝනේ කයිවාරුව මිසක් ඔහෙලාට වැඩ බැරි බව දැන් මොනවට ඔප්පුවී හමාරයි. කිසියම් ඉලක්කයක් දෙසට මේ නැව හිටපු නියමුවා යාත්‍රා කරවමින් තිබුණා. ඔහෙලා රටපුරා සුරංගනා කතාවලින් පිරුණු බේගල් ඇදබාමින් රට්ටු රවට්ටලා නැව ආපසු හැරෙව්වා. දැන් ඉතින් හැමදේටම හිටපු මිනිස්සුන්ට බැන බැන තමන්ගේ නොහැකියාව වහගන්න හැදුවාට මෝඩයින් ටිකදෙනෙක් ඇරෙන්න අනිත් මිනිස්සු ඇත්ත තේරුම්ගෙන ඉවරයි...