
(රංජිත් රාජපක්ෂ)
හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ දී අනාරක්ෂිත ලෙස සෙල්ෆියක් ගැනීමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට ඇද වැටී ගසක අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඇය මුදවා ගැනීමට හැකි වූ බව හෝටර්තැන්න ජාතික වන උද්‍යානයේ කළමණාකරු මංජුල මොනරතැන්න මහතා පැවසීය.
එම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් හෝටර්තැන්න ජාතික වන උද්‍යානයේ ප්‍රධාන ලෝකාන්තය නැරඹීමට අද දින පැමිණ උදෑසන 9.00ට පමණ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සහ කිරිමේදි ඇය පහළට ඇද වැටී අත්තක එල්ලී ඇත.
හෝටර්තැන්න ජාතික වන උද්‍යානයේ රියදුරකු අවධානම නොතකා පහළට බැස අත්තක එල්ලී සිටි විශ්ව විද්‍යාල සිසුවිය එල්ලී සිටි අත්තෙන් බස්සවා බෑවුමේ ගලක වාඩි කරවා ඇත.
පසුව පට්ටිපොළ පොලිසිය , යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ඉල්ලා ඇත.
ඒ අනුව නුවරඑලිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයන් කිහිප දෙනකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින්, වන ජීවි නිළධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් එක්ව ඒකා බද්ධ මෙහෙයුමකින් පසු දැඩි ගලක් මත සිටි විශ්ව විද්‍යාල සිසුවිය මුදා ගෙන ඇයව ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
23 හැවිරිදි සරසවි සිසුවිය යාපනය ප්‍රදේශයේ පදිංචි කාරියකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ශිෂ්‍යාව බේරාගත් රියැදුරු මහතා ඇතුළු හමුදා සෙබළුන් වීරයෝ...
මෝඩ අභිමානය....
පාඩමක් ඉගෙන ගන්නෙම නෑ..උගත් නූගත් ඔක්කොම එකයි
තමුන්ගේ මරි මෝඩකමට, නිකරුනේ මහජන මුදල් වියදම් වෙනවා. යන තැනක හැසිරෙන්න නොදන්න හෝ ආරක්ෂාව ගැන හිතන්නේ නැති මෙවැනි අය තමයි ඉලංගට ‘වෛද්‍යවරු’ වෙලා කෑ ගහන්නේ.
මුන් වගේ undergraduatesල තමා ලංකාවේ අනාගත රාජ්‍ය පරිපාලන සේවාවටත් සුදුසුම. තෙල් පෝ්ලිමේ ඉන්න බැරි අමාරුවක් ඇති