
(සුජිත් හේවාජුලිගේ)
ගාමිණී ලොකුගේ මහතාගේ වියෝව දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික වශයෙන්ද සිදු වූ ලොකු පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ලොකුගේ මහතා පක්ෂයට ලොකු ශක්තියක් වූ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ වියෝව ගැන ලොකු කනගාටුවක් දැනෙන බවද සඳහන් කළේය.
ඔහු එසේ පැවසුවේ ගාමිණී ලොකුගේ මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(ඡායාරූප: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුගේ මහතාගේ අභාවය ඔබතුමාට සහ පක්ෂයකට ලොකු පාඩුවක් ලෙස දැනුණාට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට එහෙම දැනෙන්නේ නැහැ. මොකද රටට කළ සේවය හැමෝම දන්නවා. මොනවා වුණත් ඔබට නිවන්සුව...
ඔය කතාව ඔහේ සහ සහචරයන් පමණයි කියන්නේ, අපට නම් පිළිකාවක් සුව වුණා වගේ
අලීබබාගේ කණ්ඩායමේ ලොකුම සාමාජිකයෙක් අඩුවීම අලි බබාට ලොකුම පාඩුවක්... ඒත් රටට ආශීර්වාදයක්.
යූඇන්පීයේ ඉඳලා තමුන්ගේ දෑත් ශක්තිමත් කරන්ඩ පැනපු උන්ගෙන් එකෙක්.තමුන්ට නම් පාඩුවක් වෙන්ඩැති.ඔය වගේ දූෂිතයෝ මැරෙන එක රටට යහපතක් ?
ලොකු පාඩුවක් හිරේ නොගිහින්ම යන්න ගිය එක….
ලොකු දෙයක්. එකම දුක මැරෙන්න තිබුනෙ හිරගෙදර තුල. මේ ගමට නම් කල කිසිම සෙතක් නැහැ . එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා සතුටට.
ලොකුම පාඩුවක් තමයි. අලු ගෝසුවෙක් නැතිවෙන එක. බේබිලටකොයිතරම් නඩු තියෙනවද. බන්දනාගාර බස් එක ලග එන කොටහුස්ම ටික ගියා. දැන්. ඔය හැම කෙරුමෙක්ම. චන්ඩි පාට් ඉවරයි දැන් තියෙන්නෙ අකුලන් ඉන්න ෆයිල් දිග ඇරෙනකම් රට කාපු හොර මිනිමරුවෝ. මැරුන එක අපරාදයක්. හිරෙ යන්න බැරිදුන නිසා. තව ඉන්නවා වලපයයි. ගොඩපයයි කට්ටිය පුලුවන් ඉක්මනට අත් අඩන්ගුවට ගන්න
අනේ... ඒක කොච්චර ලොකු පාඩුවක්ද ඔහෙලාට නම්! එයාගේ අතීතය ගැන දන්නා අය කියන විදිහට නම්, රටවැසියාට ඒක ලොකු සහනයක් . මගේ සීය තමයි ඕක අද කිව්වේ. මැදමුලන හැරමිටි මයිනා මළ දාට, ඒක පාඩුවක් කියන්න මැස්සෙක්වත් ඉඳීවිද දන්නේ නැහැලු! පව්... අනේ... පව්!!
ඔයත් ලැස්ති වෙලා ඉන්න.
ඔබට නිවන් සුව ලැබේවා
ඔබට නිවන් සුව ලැබේවා