IMG-LOGO

ලාංකිකයන්ට ජපන් රැකියාවලට යන්න තවත් දොරක් ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

ජපානයේ වනාන්තර  කර්මාන්තයට අදාල රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංචාරක නිරත විය.

මෙම සංචාරය සඳහා ජපානයේ Oita ප්‍රාන්තයේ මහජන සහයෝගිතා පදනමේ ප්‍රධානී, වන කර්මාන්තය සම්බන්ධ සමාගම් ප්‍රධානීන් එක්වූ අතර, ඔවුහු අද  IM Japan කොළඹ කාර්යාලයේ නියෝජිතයින් සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා හමුවී සාකච්ඡා කළහ.

එහිදී ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තාක්ෂණික පුහුණුලාභීන්  යොමුකිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම පිරිස තංගල්ල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ජපන් පෙර විගමණික පුහුණුව පිළිබඳවද කරුණු සොයාබලා ඇත.  

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ජපන් නියෝජිතයින්ට ස්තූති කළ අතර, ඔවුන්ගේ රැකියා වැඩසටහනට උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

ලාංකිකයන්ට ජපන් රැකියාවලට යන්න තවත් දොරක් ඇරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site