IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රොනීගේ දේහය මැති සබයට නෑ

(සුජිත් හේවාජුලිගේ )

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්  මෙන්ම  හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ  රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පළමුවැනිදා  පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට කෙරුණු ඉල්ලීමක් රොනීද මැල් මහතාගේ  අවසන් කැමැත්තට ගරු කරමින් සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.

දේහය කොළඹ 3  චාල්ස් රියමඟ අංක5  දරන ඒ මහතාගේ  නිවෙසේ  මහජන ගෞරවය සඳහා ඊයේ   තැන්පත් කර කෙරිණ.

දේහය රැගත්  ආදාහන පෙරහැර හෙට(29) පස්වරු 2.00 ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර වැල්ලමඩම රුහුණු  විශ්ව විද්‍යාලයට රැගෙන යෑමට නියමිතය. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන ඉදිරිවීර මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එහිදී දේහය බාර ගනු ලබනු ඇත.

අනතුරුව  රොනීද මැල් මහතාගේ දේහය  රුහුණු විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ මහජන සහ සිසු ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

පසු දින එනම් මාර්තු 1 වැනිදා දේහය අවමගුල් පෙරහරකින් රුහුණු විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණයට රැගෙන යෑමට නියමිතය. පස්වරු 4.00 ට  බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මැල් මහතාගේ අවසන් කැමැත්ත අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලකූ හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන  මහතා  වෙනුවෙන් ඔහුගේ පුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ගුණකතන පැවැත්වීමට  නියමිතය.



අදහස් (0)

රොනීගේ දේහය මැති සබයට නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site