IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ්ගේ ජංගම දුරකතන නඩුව විභාගයට

(නිමන්ති රණසිංහ)

ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගත් සිද්ධියට අදාළව තමන් නිවැරදිකරු බව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙහි මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ අද (13 ) සඳහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා විසින්  නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ දී සැකකාර හිටපු අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකරු වෙත චෝදනා නගා ඇතැයිද ඔහු සඳහන් කළේය .

ඒ අනුව එම සිද්ධියට අදාළව  තමන් නිවැරදිකරු බවට සැකකරු පවසා ඇති අතර, නැවතත් එම නඩුව සඳහා ලබන 24 වැනිදා ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

හිටපු අමාත්‍යවරයාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට අනාවරණය වූ මැගසින් බන්ධනාගාර ජේලර්වරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කර තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් වාට්ටු සෝදිසි කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට තිබු බවට කරුණු අනාවරණය වූයේ ඉකුත් සැප්තැම්බර් මස (02) වැනිදාය.

නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් පසුව නිලධාරීන් විසින් එම දුරකථන සොයා ගනු ලැබූ බවත් වාර්තා විණි .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.



අදහස් (5)

රිෂාඩ්ගේ ජංගම දුරකතන නඩුව විභාගයට

Prasad sandaruwan Thursday, 14 October 2021 06:42 AM

අතට අහුවෙච්ච හොර වැඩේත් කලේ නෑ කියලා බොරු කියන්න බය නැති එකා ,අනිත් ඒවා කරයි කියලා කියයි ද?

:       0       0

Bamunuarachchi Thursday, 14 October 2021 07:20 AM

මෙයාට දුරකථනය ආපුහැටි මෙයාගෙන්ම දැනගන්න.

:       0       0

ravin Thursday, 14 October 2021 08:08 AM

භාවිතා කරයි කියන ජංගම දුරකථනය නිසි පරික්ෂාවකට භාජනය කිරීමෙන් පමණක් චෝදනා ඔප්පු කල හැකිය.

:       0       0

fairoos Thursday, 14 October 2021 12:33 PM

බොරු චෝදනා ඉදිරිපත්කරලා කොහොමහරි ඇතුලෙම තියාගන්න එතකොට තමයි බයියන්ට සන්තෝස.

:       0       0

BamunuarachchiSaturday, 16 October 2021 03:10 PM

හැරෙන තැපෑලෙන් මේ හාදයව ඇතුලට ගන්න. උදව්කරන ජෙලර්ලත් ඉන්නවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 143 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 225 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1083 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site