
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 22 වැනි සංශෝධනය නීත්‍යානුකූල රාමුවක් යටතේ පරාජය කරන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
මෙම නව සංශෝධනයේ ප්‍රතිවිපාක තක්සේරු කරන්න බැරි තරම් උග්‍ර බැවින් එය පරාජයට පත් කළ යුතු බවද ජී.එල් පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද(10) පැවැති මාධ්‍ය හමුව අමතමින් ජී.එල්. පීරිස් මහතා මේ බව කීය.
මේ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් රටේ මානව හිමිකම්, විපක්ෂයේ නීත්‍යානුකූල කාර්යභාරය බාධාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති ධූර කාලය දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුවේ ධූර කාලය දීර්ඝ කිරම වැනි කරුණු සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවදානමක් ඉස්මතු වෙනවා
මෙය විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නෙමෙයි.එයින් ඔබ්බට ගොස් රටේ ප්රජාතන්ත්රවාදී සංස්කෘතියට මෙන්ම අපි සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතන වලට සෘජුවම පහරක් එල්ල වෙනවා යනුවෙන් ද ජී.එල් පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාල, අනවශ්‍ය project කරලා, හම්බන්තොට වරාය විකුණලා , මත්තල වගේ සල්ලි ගිලින සුදු අලි ටික එහෙමම තියල. කජු කාල, තමන් සුර සැප විඳලා , රට බංකොලොත් කරපු සෙට් එක එනවා රට හදන හැටි කියන්න. රටේ නඩු ලක්ෂ 11ක් , අපරාධ කාරයෝ නිදැල්ලේ , රටම කුඩු පුරයක් වෙන තරමට රටේ නීතිය විධානය නැති කරලා , අපේ ආරක්ෂාව නැති කරපු උන් එනවා රට හදන්න. නාකි ටිකට දේශපාලනේ කරන්න හොඳයි, රාජ්‍ය පුරප්පාඩු , නඩු ගොඩ ගැහීම්, නිසා වැඩ කරන වයස වැඩි කරන එකට විරුද්ධයි. ලෝකයේ බහුතර රටවල පෙන්ෂන් යන වයස 65 .. පැත්තකට වෙලා හිටහල්ල ,උඹලට පොදු අරමුදල් වලින් ලැබුණු සැප නැති වුනාට , මේ රට මේ යන විදිය හොඳයි...
තමුන් කියලා හොද මිනිහෙක් නොවෙයි. තමුන්ගේ කියුම් කෙරුම් කෙරුවාවාල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙට මෙහෙට හේත්තු වේවී, ඇමැතිකම් අරගෙන බලයේ ඉන්න හදපු එක මිසක් වෙන මොනවාද කළේ? ලැජ්ජයි.
ගොඩක් සමාවෙන්න...
මහජනතාව තුනෙන් දෙකේ බලයක් දුන්නේ ඒවා කරන්න්න තමා
GL කිව්ව හැටියේම මතක් වෙනවා, ගමේ ඉරිදා පොළේ තිබෙන පතොල ගොඩ .... ආච්චි කියනවා පතෝල වනාහි ගුණයක් හෝ අගුණයක් නැති එළවළුවක් නිසා, GLP ලොක්කා කටින් පිට කරන වචන වල කිසිදු යහපත් ප්‍රතිඵලයක්, තේරුමක් නෑ කියලා. පුදුම විය යුතු නැත : No-mole ගෙම රංචුවේ එකෙක්නේ! නමුත් 22 වැනි සංශෝධනය පරාජය කරන්නෙ කොහොමද කියන්න මෑන් තවමත් තටමනවා ... පව් නෙ පතෝලයා !!!
හීන දකින හොරු රැල, රජය පරාජය කරනව කියන්නෙ ජනතාව පරාජය කරන එකයි, රට කාපු , පෝලිමට අධිකරනයෙන් දඩුවම් ලබන සට්ටැඹියන් පිරිසකට , මේ රජයට අත තියන්න ජනතාව ඉඩදෙන්නෙනැ. හීන දකින්නෙ නැතිව පලයල්ලා
ඔය පිංතූරේ ඉන්න පිං ගුත්තරයෝ හැම එකාටම නඩු...
ජනතා පරමාධිපත්‍ය සියල්ලටම ඉහලින්! ජිල්මාට්, දහංගැට, ගොන්පාට් සියල්ල පරාජය කිරීමට බහුතර ජනතාව පෙරමුණේ.
දූෂිතයන්ගේ මේ ආත්මාර්ථකාමී උත්සාහය මිනිස්සු ප්‍රතික්ෂේප කරල පරාජය කරනවා.