
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියකුගේ හිසට අද (10) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි
මාලිගාවත්ත බීබීසී පාලම ආසන්නයේ හාඩ්වෙයාර් වෙළඳසැලක හිමිකරුවකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට තවත් පුද්ගලයකු සමග කතාබස් කරමින් රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු හිස අසලටම පිස්තෝල වර්ගයේ ගිණි අවියක් එල්ල කර මෙම වෙඩි තැබීම සිදුකර පලා කොස් තිබූ බව පොලිසිය කියයි
වෙඩි වැදුණු පුද්ගලයා රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි
කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේසපන්දුගේ ගෝල කැඳයාගෙන් විරුද්ධ පාතාලේ පලිගන්නවා. මෙ වේලෙට තමයි අනුග්‍රාහකයින්ට ජරාපක්ෂලාගේ අගේ තේරෙන්නේ...