(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම කණ්ඩායමට රැකියාලාභීහු 20 දෙනෙක් ඇතුළත් වෙති.
මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන තිබේ.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියාලාභීන් 38 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ද අද (24) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ද අද දිනම ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1266 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

COMMENTS
ඔබලා උපයන මුදල් වල අහිංසක පලස්තීනේ ළමයින්ගේ ලේ තැවරි ඇත , මෙය හොදින් මතකයේ තියාගන්න විශේෂයෙන් ඔබ පියෙක් නම්
Interview 3ක් pass වෙලා අවසානේ lottery ඇදිමකින්ලු ගන්නේ. 21000ක් විතර ගන්නවා interview 2ට.මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසාකන වැඩක් කරන්නේ රට යවනව කියල. Interview එකෙන් pass නම් lottery එකෙන් fall උනොත් ආයේ වෙන අංශයකින් try කරන්න කියනවලු. හොරු හැමතැනම ලංකාවේ.කාලකන්නි තිරිසන්නු

ඊශ්‍රායලය වගේ රටකට ගිහින් හම්බකරනවාට වඩා හොඳ හිඟාකන එක
සාර්ථක වූ සියලුම දෙනාට සුබපැතුම්...