IMG-LOGO

රනිල් වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ ඔක්කොම එක් වෙති

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුවෙන් පුළුල් බලයක් ගොඩනැගීමට තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම ඇතුළු විපක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙම පුළුල් එකතුව ගොඩනැඟෙනු ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් පැවසීය.

එම පුළුල් එකතුවේ පළමු පියවර ලෙස හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක් හෙට පෙරවරු දහයට මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නායකයෝ ද සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු සර්ව පාක්ෂික නියෝජිතයෝ ද මෙම එකතුවට සම්බන්ධ වීමට නියමිතව තිබේ.

 



අදහස් (7)

රනිල් වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ ඔක්කොම එක් වෙති

kasun Saturday, 23 August 2025 06:38 PM

මේ ජේවීපී බොරු බේගල් ආණ්ඩුවට රැවටුණු මිනිස්සු පවු. මොවුන්ගේ ජානවල තියෙන්නේ වෛරයයි, බොරුවයි.

:       63       195

මැක්ස් Saturday, 23 August 2025 06:46 PM

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම, බොරු කීම සහ වෛරය වැපිරීම පමණක් දන්නා මේ තිරශ්චීන ආණ්ඩුව පලවා හැරීමට එදිරිවාදිකම් දුරලා එකතු වීම සියලු දෙනාගේ අත්‍යන්ත වගකීම වන්නේය...

:       55       189

ගුණරත්න Saturday, 23 August 2025 06:55 PM

ඒක කාලීන අවශ්‍යතාවයක්, මේ ආණ්ඩුව දිගටම පැවතුනොත් චීන මොඩලයේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා.

:       55       144

Pradeep Kumara Saturday, 23 August 2025 06:55 PM

ඔව් ඔව්.. දැන් ඉතිං තම තමන්ගේ ගැලවීම උදෙසා පක්ෂ පාට නොබලා එකතු වෙමු. ඒත් දැන් ප්‍රමාද වැඩියි මෙයාලා. ඔයාලාගේ අවස්ථාවත් ඉක්මනින්ම උදා වෙනවා. කලබල නොවී ඉන්න...

:       153       58

C.K.Lankaputhra Saturday, 23 August 2025 07:15 PM

එක ජාතියේ කුරුල්ලෝ එකට එක්කහු වෙනවාලු....

:       144       56

යෝගා Saturday, 23 August 2025 07:22 PM

මහ බැංකු හෝ බටලන්ද සිද්ධි සම්බන්ධව සාක්ෂි ඇත්නම් බන්ධනාගාර ගත කිරීම කාටවත් ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය එල්ල කරපු චෝදනාවේ තිබෙන ඔලමොට්ටලකමයි. විධායක ජනාධිපතිවරයෙක් පැය 24ම රාජකාරියට බැඳී ඉන්නවා වගේම රාජ්‍ය ආරක්ෂාවත් ලබා දිය යුතුයි. ජනාධිපතිවරයා ධූරයේ සිටින තාක් ඔහුගේ පුද්ගලික ගමන් සඳහාත් මහජන මුදල් වැය කිරීමට සිදුවේ. එය අවභාවිතයක් විදියට ගන්නේ නම් ජනාධිපති විය හැක්කේ රොබෝ කෙනෙකුට පමණයි.

:       51       128

පිස්සු යකෙක් Saturday, 23 August 2025 08:14 PM

ලසන්ත කීත් නොයාර් දෙකම මග එනවා. කට්ටියට ඇතුලේදී කොහොමත් එකතු වෙන්න පුළුවන්...!

:       115       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13931 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 378 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 236 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site