
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුවෙන් පුළුල් බලයක් ගොඩනැගීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම ඇතුළු විපක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙම පුළුල් එකතුව ගොඩනැඟෙනු ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් පැවසීය.
එම පුළුල් එකතුවේ පළමු පියවර ලෙස හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක් හෙට පෙරවරු දහයට මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නායකයෝ ද සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු සර්ව පාක්ෂික නියෝජිතයෝ ද මෙම එකතුවට සම්බන්ධ වීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජේවීපී බොරු බේගල් ආණ්ඩුවට රැවටුණු මිනිස්සු පවු. මොවුන්ගේ ජානවල තියෙන්නේ වෛරයයි, බොරුවයි.
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම, බොරු කීම සහ වෛරය වැපිරීම පමණක් දන්නා මේ තිරශ්චීන ආණ්ඩුව පලවා හැරීමට එදිරිවාදිකම් දුරලා එකතු වීම සියලු දෙනාගේ අත්‍යන්ත වගකීම වන්නේය...
ඒක කාලීන අවශ්‍යතාවයක්, මේ ආණ්ඩුව දිගටම පැවතුනොත් චීන මොඩලයේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා.
ඔව් ඔව්.. දැන් ඉතිං තම තමන්ගේ ගැලවීම උදෙසා පක්ෂ පාට නොබලා එකතු වෙමු. ඒත් දැන් ප්‍රමාද වැඩියි මෙයාලා. ඔයාලාගේ අවස්ථාවත් ඉක්මනින්ම උදා වෙනවා. කලබල නොවී ඉන්න...
එක ජාතියේ කුරුල්ලෝ එකට එක්කහු වෙනවාලු....
මහ බැංකු හෝ බටලන්ද සිද්ධි සම්බන්ධව සාක්ෂි ඇත්නම් බන්ධනාගාර ගත කිරීම කාටවත් ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය එල්ල කරපු චෝදනාවේ තිබෙන ඔලමොට්ටලකමයි. විධායක ජනාධිපතිවරයෙක් පැය 24ම රාජකාරියට බැඳී ඉන්නවා වගේම රාජ්‍ය ආරක්ෂාවත් ලබා දිය යුතුයි. ජනාධිපතිවරයා ධූරයේ සිටින තාක් ඔහුගේ පුද්ගලික ගමන් සඳහාත් මහජන මුදල් වැය කිරීමට සිදුවේ. එය අවභාවිතයක් විදියට ගන්නේ නම් ජනාධිපති විය හැක්කේ රොබෝ කෙනෙකුට පමණයි.
ලසන්ත කීත් නොයාර් දෙකම මග එනවා. කට්ටියට ඇතුලේදී කොහොමත් එකතු වෙන්න පුළුවන්...!
ඔවුන් එකතු වුණා නෙවෙයි... ඔවුන් හැමදාමත් එකට උන්නේ... දෙපැත්ත බෙදිලා අපිට ඇමෙරිකන් රෙස්ලින් සංදර්ශන පෙන්න පෙන්න උන්නේ...කොහේද නැති කෙනෙක් ඇවිත් බොරුවට ෆයිට් කර කර උන්නු අයට දීගෙන දීගෙන ගියා... දැන් පස්ස බිම ඇනිලා දගලනවා...