
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක සාමාන්‍ය වාට්ටුවක ඉන්න බැරි වෙයි … වාහාම සාමාන්‍ය පරිදි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ යුතුය…
ඒකත් බදු මුදලින්. හොරා කන්ඩ දීපු ලොකු ලොකු යාලුවෝ කෝ?
අපි මෑතකදී දැක්කා ජනාධිපති කෙනෙක්ගේ මවක් හෙලිකොප්ටරේකින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙනත් ප්‍රතිකාර කලා. ඇයි එතුමාට බැරි වුනේ තමුන්ගේ මවව රජයේ රෝහලේම තියන්න. රජයේ රෝහලේ ප්‍රතිකාර ගැන විස්වාසයක් නැද්ද?
තීරණය කරන්න දෙයක් නැහැ සීයා. ඔයාට සාමාන්‍ය වාට්ටුවල ඉන්න බැහැ. ඇප ලැබුණ ගමන් අසනීපේ හොඳ වුණා නේ. දැන් ඉතින් ගෙදර යන්න. කමක් නැහැ. වාර්තාවකුත් තිබ්බා නේ.
එක දවසයි ඒසි නැතුව සාමාන්‍ය මිනිස්සු අතරේ එළියේ හිටියේ. නිකන් කෙසෙල් ගහට පිහියෙන් ගැහුවා වගේ බිම. රට පාලනය කරනවා කියලා කළේ හිතේ හැටියට රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සැප ගත්තු එක. සාමාන්‍ය මිනිසුන්ගේ දුකම මෙයාලට දැනෙන්න ඕනේ.
අධිකරණයෙන් බේරෙන්න කරපු රංගනයක්...