
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.
කෙසේ වෙතත් 23න් පසු නිශ්චිත වශයෙන් කැඳවන දිනය කොමිෂන් සභාව තවමත් තීරණය කර නොමැත.
මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මුදල් නිදහස් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙසේ කැඳවන බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලබන 17 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට පෙරේදා දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කළ හිටපු ජනාධිපතිවරයා තමා සහ තමාගේ නීතිඥයන් අවුරුදු දින වල කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එදිනට පැමිණීමේ හැකියාවක් නැති හෙයින් පෙනී සිටීමට වෙනත් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.
ලබන 23 වැනිදායින් පසු දිනයක් ලබාදීමට කොමිසම තීරණය කර ඇත්තේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ ඉන්න රංග, මාලිමාවේ හොඳ ගොට්ටෙක් තමයි...! කියනවා නම් විජේපාලගේ අසුචි වුණත් කයි !
චාමර සම්පත්ව කෙනිත්තීම සහ රනිල් සීයාව කිතිකැවීම.
ඔබ යන්න එපා... මාලිමාවේ අයට මහින්දව ගේන්න බැහැලු... ළඟට යනවා මිසක්...
ඒ දවස් වලද හොඳ නැකත් තියෙන්නේ ?