IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනින් බැබලු සසිඳුට - මනුජට ගමෙන් උපහාර

( කීර්ති ප්‍රනාන්දු )

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කමක් සහ තරග වාර්තාවක් තැබූ සසිඳු මල්ශාන් සහ එම තරගාවලියේදීම මීටර් 400 ×4 තරග ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකරගත් මනූජ ප්‍රභාෂ් යන ක්‍රීඩකයන් ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ මිණුවන්ගොඩ යටියන රෝමානු කතෝලික විද්‍යාලයේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

යටියන රෝමානු කතෝලික විද්‍යාලයේ ගුරු මණ්ඩලය සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන්, ප්‍රදේශවාසීන් එක්ව මෙම පිළිගැනීමේ උත්සවය මහත් හරසරින් යුතුව සංවිධානය කර තිබූ අතර ක්‍රීඩකයන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලේ සිට පලමුවෙන්ම ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ යටියන රෝමානු කතෝලික විද්‍යාලය වෙත පැමිනීම සුවිශේෂ සිදුවීමක් ද විය .

එහිදී පාසැල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගත් පෙරහරකින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා  පාසල වෙත කැඳවාගෙන පැමිණි අතර පසුව ඔවුන්ට විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය .

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින මෙම ක්‍රීඩකයන් දෙදෙනා යටියන රෝමානු කතෝලික විද්‍යාලයේ එකම පන්තියේ මූලික ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකු වීමද විශේෂත්වයක් ලෙස එහිදී දක්නට ලැබිණ .

මෙහිදී මිනුවන්ගොඩ යටියන විජය මංගල පිරිවෙනේ විහාරාධිකාරී හා පරිවේනාධිපති ,සමථ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ,ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්, ශාස්ත්‍රවේදී දුටුවැව සද්ධානන්ද හිමියන් ක්‍රීඩකයන් දෙදෙනාට ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කර පිරිත් නූල් ගැට ගැසීමද සිදු කළහ .

පසුව පාසලේ ගුරු බවතුන් ,සිසුන් සහ ඔවුන්ගේ මාපියන් විසින් මල් කලඹක් සහ තිළිණ ප්‍රදානය කරමින් එම ක්‍රීඩකයන් දෙදෙනාව ඇගැයීමට ලක් කරනු ලැබීය .



අදහස් (1)

රනින් බැබලු සසිඳුට - මනුජට ගමෙන් උපහාර

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 30 October 2025 05:27 PM

රටක් රනින් හැඩකළ ඔබ දෙපල ඇතුළු ඒ වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය, ධනය කැපකළ දැයේ දුවා දරුවන්ට හදවතින්ම සුභාෂිංශන පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site