
(අංජුල මහික වීරරත්න)
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි.
ජාතික කෞතුකාගාර දෙපාර්‌තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.
රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය විවෘත කරනු නොලැබේ.
කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව:6.00 දක්වා වේ. අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව: 5.00 දක්වා වේල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව:4.00ට අවසන් වේ.
කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරැඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප:ව :3.00 ට අවසන් වන බවද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි
ගුණරත්න Wednesday, 13 August 2025 08:07 PM
වැඩක් කොරා කියලා පෙන්වන්නත් එපැයි, ඉතින් කාලසටහන් වෙනස් කරනවා, ඉස්කෝලෙත් කාලසටහන වෙනස් කරනවා, පීරියඩ් එක වෙනස් කරනවා, විෂයක් අඩු කරනවා. කාටද මේ විහිලු සපයන්නේ?
අරවින්ද මොණරවිල Thursday, 14 August 2025 09:52 AM
බෙරේ හඩයි දොරේ හඩයි අපි දන්නවා ගුණේ අයියා, ඔයා ඔය බෙරේ වගේ ගහන්න හදන්නේ දොරටයි.
සිල්වා Thursday, 14 August 2025 10:18 AM
ජාතික කෞතුකාගාරය සිකුරාදා නිවාඩු දිනයක් කරනු ලැබුවේ එම ගොඩනැගිල්ල සෑදූ වාපුච්චි මරික්කාර් මහතාගේ ඉල්ලීමකට අනුව යි. කල ගුණ අමතක කිරීම සුදුසු නැත.