(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද එහෙම කිව්වට පිටිපස්ස දොරෙන් ඕක ගෝඨාභයටම දෙයි... බොරු නම් බලන්න. කාලකණ්ණි එකතුවෙලා රට කෑවා.
අර බැරිවෙලා දාලා දිව්ව ඇඳුම තවමත් සෝදන්නේ නැතුව උසාවියේද තියෙන්නේ…?
පුදුමයි මෙහෙම ඉල්ලීම් කළ එක සහ එක්කෝ ආච්චි කෙනෙක් මාර්ගයෙන් ඉල්ලීම් නොකළ එක පිළිබඳව. කපුටාස් වගේ තමාගේ මල්වාන නිවස සහ මාතර ඉඩම මගේ නොවෙයි කියලා කියන්නේ නැතුව.
මෙච්චර තාක්ෂණය දියුණුව තියෙද්දී ජනාධිපති ඒ මගින් ගනුදෙණු නොකර කෝටි ගණනක් මුදල් ගෙදර තියාගෙන ඉන්නවා කියන්නේ පුදුමයක් තමයි. ඒක ඔහුගේ පුද්ගලික මුදලක් නම් ප්‍රශ්නයක් තමයි සමහරක් ව්‍යාපාරිකයින් ආදායම් බදු වංචා කිරීමට කිසිම මුදලක් බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ...
හරි වැඩේ... අවුරුදු 5 කළින් ගියේ කියලා ආයිත් ජනාධිපතිකම ඉල්ලයිද දන්නේ නැහැ...?
හැතිකරේම එකතුවෙලා හෙරාකාලා, දැන් ඉතුරු ටික නියපොත්තෙනුත් හූරාගෙන කන්න යන්නේ…. මේවා දිරවන එකනේ පුදුමේ…!!
දැන් එයත් රඟන්න පොඩ්ඩ පොඩ්ඩ කරළියට එන්න වගේ සූදානම...
අනේ පවු අසරණ රට බංකොළොත් කරලා හොයාගත්තු සල්ලි ටික...
එහි ප්‍රභවය ගැන ඔහුට කියන්න...
පව්,දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තුවා වෙන්ඩැ. හරිනම් කරන්ඩ තියෙන්නේ මේ දූෂිත පවුල් පාලනේ බලලෝබියෝ ඔක්කොම අල්ලලා හිරේට දාන එකයි .ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු රටම විනාස කරපු දූෂිතයෝ ?
මෙයයි මවුජූන් නානයි එකතුවෙලා සීනි වලින් ගහපු බිලියන් දාහතෙන් කොටසක් වෙන්න ඇති මේ. කොහොමද ජාතික සමගිය…? එතකොට සීනි වදසීනි නෙවෙයි වෙන්න ඇති.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ මලපහගොඩෙ ලිස්සා වැටිලා හත්පොලේම ගාගත්ත වීරයෙක් !
කථා දෙකක් නැහැ එයගේ ගෙදර තිබුන සල්ලි හෝ රත්තරන් බඩු හෝ කුඩු හෝ එයාට අයිති. සල්ලි නොවෙයි කොකේන් හමු උනා නම් කෙලින්ම ඝෝටාව ඇරස්ට් කරනවා නේද? එහෙනම් එයාගේ ගෙදරින් සල්ලි හම්බ උනානම් ඒ එයාගේ සල්ලි. ඝෝටා නොවෙයි වෙන කවුරු උනත්. ගෙදරින් හමුවෙන දේ ඒ ගෙදර සිටි අයට අයිති.
තව ටික දවසකින් මේ සල්ලි කන්ද ගෝඨාභය දෙනවා අනිවාර්යයෙන්ම
ඩී.ඒ රාජපක්ෂයි දැන්දිනයි ලෝකෙට ජාතක කරපු අපත පුත්තු
මුන්ට ලැජ්ජා නැද්ද. හොරා කාලා, කාලා, තවත් හොරා කකා. තවත් ඉල්ලනවා. මුන්ව දඩුවම් දෙන්න කෙනෙක් ඇත්තෙම නැද්ද
රජකම් කලත් කළකම් පලදේ .එයට විතරක් නොවේ .කවුරුත් මතක තියා ගන්නවා නම් හොඳයි .බලේ නැති උනාම රඟ පෑම ඉවර වෙනවා
සීනි බදු වංචාවෙන් 0.00001% විය හැකිය....
ඔය මුදලින් ගොවියට පොහොර අරන් දෙන්න...කඩිනමින් ....අදිකරනයෙ ඉන්න උගතුන් කියන පිරිස වහාම පියවර ගතයුතුයි...............මෙ විදියට සල්ලි ඉල්ලන්නෙ ..........
අපි සාධාරණව හම්බකරපු සල්ලියක් බැන්කුවක දාන්න ගියත් රටේ නැති ප්‍රශ්න අහනව කොහෙන්ද සල්ලි ආවෙ කියල. මුගෙන් අහන්න එක නිලදාරියෙකුට කොන්ද පන නෑ. අපේ සල්ලි අන්තිම සතේට ගනන් හදල බදු ගහනව. එතකොට මේව හම්බ කරපු විදිය, බදු ගෙවලද කියල අහන්නෙ නැද්ද ?
කියන්න බෑනෙ.. ඩෙසි නැන්ඩම්මා " අනෙ මගෙ බෑන පොඩ්ඩනෙ ඉතින්. . " කියලා මල්ලක් දොරකොඩින් තියලා ගිහිල්ලා, ගෝත් " අනේ අපෙ සූකිරි නැන්දම්මගෙන් ලැබිච්චි තෑග්ග නෙ. . " කියලා පරිස්සමට මතක් වෙන්න තියන් හිටපු සල්ලි මල්ලක්. . වෙන්නත් පුලුවන් ඉස්සරහදි.. මෙ නරි පිනා හරි සජිත් ගොයියා හරි පුටුවෙ ඉන්නකල් මෙයාලට කිසිම අවුලක් නෑ. . ( සජිත් ගෙ හොර සල්ලි කෙස් එක මහින්ඩ බැලන්ස් කරල දුන්න එකට ප්‍රති උපකාරයක් කරන්නත් එපැයි..)
හරි මේ කෝටි දෙක මගෙගානෙ හරි දෙනව මෙක ඔයාට ලැබුන හැටි කිව්වොත් !!
ඉන්නකම් කරපු වැඩටික .ඒ කියන්නේ රිවස් කරපු ගැසට් ප්‍රමානේ බැලුවහම, මිනී මරුවෝ නිදහස් කිරීම, කෘෂිකර්මේ විනාශ කිරීම, විදේශ සන්චිතේ හින්ඳවීම , කෝටි දෙකක් නෙමෙයි කෝටි දෙසීයක විතර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මුදල් කෑදරකම ලේවලින්ම පිහිටලා තියෙන්නේ.
එයාට කොහෙන්ද මේ සල්ලි ?
රාජපක්ෂ කියන එවුන් ගිය තැන හොරකම් කරන එක උන්ගේ ලේ වල තියන දෙයක්.ඔවුන්ගේ එකෙක් පෙන්නන්න රාජ්‍ය දේපල හොරා නොකාපු .ඔය කෝටි දෙක ඕකා හොරට කොමිස් ගහපුවා.ඕකාට විරුද්ධව නඩු දාලා ඔය හොරට හම්බ කල සල්ලි වලට ඔකාව හිරේ දාන්න
ලෝකයේ බහුතරයක් ආදර්ශවත් නායකයෝ ඉන්නේ.. ඒකට අපේ රටේ... රටත් හෑල්ලුවට ලක්වෙනවා.
ඇමරිකාවට වීසා දෙන්නේ නැත්නම් මීගමුවෙන් බෝට්ටුවක් සෙට් කරලා දෙන්නද…? තොලොංචි වෙලා යන්න හලෝ අපිට පව් නොදී….
"වැඩ කරන අපේ විරුවා" දැන් තාලෙට කියපල්ලා….
ගෝඨා නාගරික සංවර්ධන ඇමැතිකාලේ ගහපු ගැහිලි ගැන දන්නෝ දනිති. කටුගෙයි වටිනා පුරාවස්තුවලට වෙච්චි දේ දෙයියන් තමයි දන්නේ....
සේරටම කලින් මේ තරම් මුදල් ප්‍රමාණයක් හම්බ කළේ කොහොමද කියලා සොයා බැලුවොත් නරකද?
එයාට කොහෙන්ද මේ සල්ලි කියලා අහන්න මට්ටොත් ඉන්නවා. පුළුවන් නම් කඩේකට ගිහිල්ලා කාගේවත් පර්ස් එක දැකලා අහනවකෝ ඔයාට කොහෙන්ද ඔය සල්ලි කියලා? මගෙන් ඇහැව්වොත් දෙනවා හොම්බට?