IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රජයේ වැටුප් අද අඩමානයි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත  සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත්  මෙතෙක් හිමිවූ වැටුප අද දින  අනිවාර්යයෙන්ම ගෙවීමට කටයුතු කරන්නැයි   රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින්  දැනුම් දී ඇත.

මේඅනුව නව වැටුප් සංශෝධනය අනුව  අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු වැටුපෙහි හිඟ මුදල ලබන 25 දින ගෙවීමට කටයුතු කරන්නැයිද  අමාත්‍යාංශ ලේකම්වරයා  වැඩිදුරටත් දැනුම් දී ඇත.

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව  මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  යම් ආයතනයක  නිලධාරීන්ට නව වැටුප අද ගෙවීමට යම් විදිහකින් හෝ නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම මැයි මාසය වෙන තෙක් නොසිට මේ මාසයේම 25 වෙනිදා එම හිඟ මුදල ගෙවන ලෙස සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.

බොහෝ ආයතනවල  නව වැටුප් සංශෝධනය අනුව වැටුප්  දැනටමත් සකස් කර ඇති බවට  තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

යම් ආයතනයක නව සංශෝධනය අනුව වැටුප් සකස් කිරීමට තාක්ෂණික කාරණයක් හෝ වෙනයම් හේතුවක් මත හෝ   නොහැකි වුවහොත් සේවකයන්ට අසාධාරණයක් නොවීම සඳහා  මෙම චක්‍රලේඛය නිකුත් කළ බවද චන්දන අබේරත්න මහතා පැවසීය.

රජයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 24250 සිට 40000ක් දක්වා රුපියල් 15759කින් වැඩි කිරීමට අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරිණ. දැනට පවතින තාවකාලික අතුරුදීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කෙරෙන අතර රුපියල් 8250ක සුද්ද වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කර ඇත.

රුපියල් 15750ක අවම අවම මාසික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුපාර්තකයේ වටිනාකම සියයට අසූවකින් ඉහල නැංවෙනු ඇත. ඒ අනුව රුපියල් 25 250ක අවම වාර්ෂික වැටුප වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යන්නේය.

රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමටද කටයුතු කෙරේ රාජ්‍ය සේවකයන්ට  මෙම වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 32500ක් වියදම් කිරීමට රජයේ අපේක්ෂා කරයි.

 



අදහස් (4)

රජයේ වැටුප් අද අඩමානයි

PGPTHILAK Thursday, 10 April 2025 10:26 AM

රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන අය දැනටමත් ලක්ෂ ගන්න පඩි දීමනා රටට ඔරොත්තු නොදෙන මට්ටමක තියෙද්දී තවත් වැඩි කලේ ඇයි? දේශපාලන බලය ලබාගැනීමට හෝ ලබාගත් බලය ශක්තිමත් කරගැනීමට රටේ අනාගතය උගසට තබා රජයේ සේවකයින්ට අල්ලස්දීමේ පුරුද්ද පක්ෂ විපක්ෂ සියළු දේසපාලුවන් නවතා දැමිය යුතුයි!

:       30       14

Kanishka Rashantha Thursday, 10 April 2025 10:50 AM

ඔය හම්බුනේ යස අගේට.....

:       34       18

Prabath Thursday, 10 April 2025 11:13 AM

ඔන්න බලන්න, 25 දෙන්නෙත් නෑ වැඩි කළ වැටුප්! මොකද දැන ගන්නවානේ කොච්චර වැඩි උනාද කියලා. මෝඩ ගොන් රැලක් මේ ආණ්ඩුවේ ඉන්නෙ!

:       7       30

Lakmal - Katunayaka Thursday, 10 April 2025 11:26 AM

රජයේ සේවකයෝ සියයට 80 ඉන්නේ හරි හමන් වැඩක් නොකර මාසේ පඩිය ගන්න විතරක් බලාගෙන ඉන්න අය... ගන්න පඩියට වැඩක් කරන්න මනස හැදේවා...

:       6       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site