
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර ඇති රජයට ජනජීවිතය සුරක්ෂා කිරීම වෙනුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්නට රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නත් අද වන විට මහජන ආරක්ෂාව සැපයීමට නොහැකි අසමත් රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
මේ වන විට රටේ නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වී කැලෑ නීතිය ක්‍රියාත්මක බවත් වෙඩි තැබීම් 67ක් සිදුව ජීවිත 37ක් අහිමි වී ඇති බවත් ඔහු පැවසීය.
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති පවත්වන්නැයි රජය ජනතාවට කිව්වත් අද වන විට රටේ ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කමක් නැහැ බං !
චන්දය දීපු කට්ටිය සද්දා නෑ, චන්දය නොදීපු කට්ටිය තමයි දැන් අඬන්නේ
කුඩු කාරයෝ මරා ගත්තට ආණ්ඩුව පළිද? කොහොමද ඔබතුමන්ට ඉස්සර බස්, සල්ලි ලැබුණේ ඔය කුඩ්ඩන්ගෙන් තමයි. දැන් ඒ ආදායමත් නැති උනා නේද?
දුකට කියන කථා අර FB එකේ දැන් ෆේක් ගිණුම් හදාගෙන ඕක තමයි කියන්නේ. චන්දෙ නොදීපු උන් තමයි දැන් අඬන්නේ
අපිනම් චන්දෙ දුන්නේ පොරොන්දු වලට නොවේ. පාරම්පරික හොරුන්ගෙන් රට බේරාගන්න . තවම මේ ආණ්ඩුව හොරකම් කරලා නැහැ, ඒ හොඳටම ඇති. අපි දුක් විඳලා ගේන සල්ලි වලින් හොරුන්ට සැප දීපු කාලේ ඉවරකළ එකම ඇති .. ඔයා මොන බයිලා ගැහුවත්, ආයෙත් මේ රටේ සල්ලි හොරකම් කරන උන්ට නම් එන්න දෙන්නේ නෑ.
පියනෝ නියමෙට ජනජීවිතය ආරක්ෂා කළා අපිට හොඳට මතකයි. අනේද කියන්නේ.
තමුන් දෙසැම්බර මාසේ ජනපති වෙනවා කියලා ඔහේගෙ එකෙක් කිව්වෙ, එතකොට ඔහේ දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්නකෝ.
අනේ යනවා මනුස්සයෝ යන්න. පක්ෂෙ සමඟිය වත් තියාගන්න බැරි මිනිහා රටේ ආරක්ෂාව ගැන බයිලා ගහනවා.
කට පියාන ඉන්න තාක් කල් ඔබේ සේවය රටට ලැබෙනු ඇත.