
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින් මුලින්ම ඒවායේ වාහන අවශ්‍යතා සැපිරීමට වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්
අන්_ර Friday, 08 August 2025 02:58 PM
අම්මෝ ටිල්වින් අයියේ... ටෙන්ඩර් ...!
ප්‍රොමිස්...කා Friday, 08 August 2025 03:04 PM
ඒ ජාතියේම කැබ් ටිකක් අපේ හොලිඩේ රිසෝට් වලටත් ගත්තොත් ආවේ ගියේ කව්ද කියලා හොයාගන්න අමාරු වෙයි නේද..?
ටිල්වින් සීයා Friday, 08 August 2025 03:10 PM
කැබ් 2000ට ඩ්‍රයිවර්ලා විදියට අපේ ඩෝබිලා 2000ක් දෙන්නම්. හෝදල හෝදලා ඔවුන්ට එපා වෙලා ඉන්නේ...
යසපාල Friday, 08 August 2025 03:18 PM
හොඳ යෝජනාවක්. පස්සේ ආපු මාලිමා පොෂ් කට්ටිය අකමැති නන් අපේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ටත් එකම වර්ගයේ කැබ් ලබා දෙන්න.
ගුණරත්න Friday, 08 August 2025 03:45 PM
බු හා හා, තව සල්ලි පුච්චපල්ලා, දුප්පත් මිනිස්සුන්ගෙන් හූරලා ගන්න බද්ද පුච්චලා විනාශ කරපල්ලා. අපි දන්නවා ඔය රජයට වාහන ගන්නවා කියලා කරන්න යන්නේ මන්ත්‍රීලාට දෙන්න වාහන ගන්න පොටක් පාදාගන්න කියලා...
රොමියෙල් Friday, 08 August 2025 04:59 PM
ඔය ඇතැම් රජයේ ආයතන වල නිලධාරීන් රියැදුරන් රජයේ වාහන (අව) භාවිතයට තදින්ම ඇබ්බැහි වෙලා. සමහරු සංචිතයේ වාහන තමුන්ගේ පුද්ගලික වාහන බවට පත් කරගෙන. සමහර වාහන ආගිය අතක් නැහැ. අන්තිමේට මේවා ඔක්කෝටම ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාවට. ගෝඨාභයගේ ආණ්ඩුව පොලිසියට දුන්නා වගේ ත්‍රිරෝද රථ දුන්නොත් නරකද? (දුෂ්කර මංමාවත් තියෙන පැතිවලට කැබ් දුන්නාට අව්ලක් නැහැ). නැත්නම් ඔය බොරුවට වෙන්දේසි කරපු වාහන හරි එක එක යාඩ්වල දිරන වාහන හරි අලුත්වැඩියා කරලා දුන්නොත් නරකද?
gajaman Anura Friday, 08 August 2025 10:12 PM
කැබ් එකකින් ලක්ෂය ගානේ තියාගත්තත් ලක්ෂ 2000ක්. කොහොම ගහයිද කියලා මම කල්පනා කරන්නේ...?
chandima Saturday, 09 August 2025 07:14 AM
ඉන්දියාවෙන් නම් ගේන්න එපා. ඇමෙරිකාවෙන් ගෙන ආවොත් වෙළඳ පරතරයත් අඩු වෙනවා. ඉන්දියාව දෙපැත්ත කන්න ගිහින් දැන් කෙළවෙලා ඉන්නේ...